හෙළරට - දේශිය පුවත්

ට්‍රම්ප්ගෙන් චීනයට රතු එළියක්…

කොරෝනා වයිරස වසංගතය චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දියයුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

චීන රජය වසංගතය හැසිරවූ ආකාරය සම්බන්දව එල්ලවන විවේචන සැලකිල්ලට ගනිමින් ඔහු මේ බව පවසා තිබේ.

“වසංගතය ආරම්භ වීමට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසා දැන් මුළු ලෝකයම දුක් විඳිනවා. එය වැරැද්දක් නම්, වැරදීමකින් සිදුවූ වැරැද්දකි. නමුත් එය ඔවුන් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා” යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවසීය.

ධවල මන්දිර සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා එසේ පවසා තිබිණ.

කොරෝනා වයිරස වසංගතය සම්බන්දව විනිවිද භාවයකින් කටයුතු නොකිරීම ගැන මීට පෙර ද ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහායකයින් චීනයට චෝදනා කර තිබිණ.


ලෝක සෞඛය සංවිධානය චීනයට විශේෂයෙන් සලකන බව පවසමින් එයට ලබාදෙන ආධාර නැවැත්වීමට ද ඇමරිකානු ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර කටයුතු කළේය.

වයිරසයේ මූලාරම්භය චීනයේ පිහිටි ඇමරිකානු කඳවුරක් බවට මීට පෙර චීන නිලධාරීන් කිහිපදෙනකු නැගූ චෝදනා ට්‍රම්ප් රජය කෝපයෙන් ප්‍රතික්ෂේප කළේය.


කෙසේ වුවද විවේචකයින් පවසන්නේ 2020 පැවැත්වීමට නියමිත ඇමරිකානු මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ චීන විරෝධී මනෝභාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා මැතිවරණ ලංසුවක් ලෙස ට්‍රම්ප් චීනය විවේචනය කරන බවයි.

Related posts

භික්ෂුවට අගෝචර ක්‍රියා එපා – ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කියති….

Helarata

කැලිෆෝනියා සම්බුද්ධාලෝක විහාරයේ පහන් පුජාව….

Helarata

මෙගන් ජනප්‍රියවීමට රහස් වැඩක…

Helarata

Leave a Comment

Translate »