හෙළරට විශේෂාංග

ධූමකේතු භූතාචාර්යතුමාගේ හෙළිදරව්වට ට්‍රම්ප් ඇඳෙන් වැටේ.

ධර්ම ශ්‍රි ගේ සමයං

ධූමකේතු භූතාචාර්යතුමාගේ හෙළිදරව්වට ට්‍රම්ප් ඇඳෙන් වැටේ

අවුරුදු ආවේය.ඒත් නැතිවා වාගේය. අවුරුදුකුමාරයෝත් නැත්තේය. කුමාරියෝත් නැත්තේය.ටීවිඑකේ නිළියෝ

ඔන්චිලි පදින හැටි පෙන්නුවේද නැත්තේය. කොණ්ඩේ උඩින් බැඳන් නිළියෝ කොණ්ඩ කැවුම් උයන හැටි මිසිලින්ලාට ටිවි එකෙන් ඉගැන්නුවේද නැත්තේය. වෙනදා අහන් ඉන්න කොට පිටිපස්සෙන් දියර ගලන මර ලතෝනි සින්දු කියන ගායකයෝ ටිවි එකේ ඔන්චිලි වාරම් , රබන් පද කිව්වේද නැත්තේය. සන්ග්ලාස් දාගත් නළු නිළියෝ ඉංගිරිසියෙන් හිනාවෙමින් කඹ ඇද්දේද නැත්තේය. නළුවෝ නිළියෝ සංගීත පුටුතරඟ වලත් නැත්තේය.


අවුරුද්දේ වැඩි දවසක් කොට කොටේ ඇඳගෙන නාඩගම් නටා අවුරුදු දා රෙදි හැට්ට ඇඳගෙන අපට සංස්කෘතිය කියාදුන් නිළියෝද මෙවර නැත්තේය. කොට්න්ම නළු නිළියෝ නැතිව අපට අවුරුද්දක් නැත්තේය. මුළු ගමම පාළුවට ගියේය. ඒවා හොඳ නැති වැඩය.


රට පුරාම කොරෝනාය.නිළියන්ගේ විකාර නැත්තේ ඒ නිසාය. එහෙත් ඒවා කැතවැඩය. ගමේ රොසලින් තෙල් තාච්චිය ලිපේ තියාගෙන හිටියේය. ඒ නිළියක් ඇවිත් ටිවි එකෙන් කැවුම් පිසින හැටි කියා දෙනකල්ය. ගමේ කොල්ලන් කෙල්ලන්ට ඔන්චිලි වාරම් මතක නැත්තේය. එය කියා දෙන්න නළුවෝ නිළියෝ එනතුරු සිටියේය. ඒකත් මේවර නැත්තේය. මේවා අපරාදයන්ය. නිකම්ම නොවේය. අපේ සංස්කෘතිය රැක්කේ නළු නිළියොය. ඒකට වැට බැන්දේය . ඒ කොරා්නා යකාය .


ඔක්කෝම පාළුවට ගිහින්ය. කොහාත් හැංගිලා වගේය. ඒ මොනවා නැතත් කමක් නැත්තේය. ලෝකයේම ගෞරවය අපට ලැබෙන වැඩක් වුණේය. අපේ රට හැම පැත්තෙන්ම පළවෙනියා වෙන්නේය. අන්තර්ජාලයෙන් සෙක්ස් සොයා පළවෙනියා වුණෙත් ලංකාව නේදැයි ඒ අස්සේ නොසන්ඩලයෙක් ඇසුවේය. ඒවා කුහක කතාය. කොරෝනාවෙන් ලෝකයේම ගොඩක් අය මළේය. ට්‍රම්ප් සීයා පවා කම්මුලේ අත ගසා ගත්තේය. ඇයි එයාට දත් කැක්කුමක් දැයි තව එකෙක් ඇසුවේය. එහෙම නැත්තේය. ඒ කොරෝනා නිසාය.


කොරෝනාවේ උපත කවුරුත් නොදත්තේ ය . ලොකු රටවල මහ ලොක්කෝ ඒ ගැන සෙව්වේය. පරික්ෂණ කළේය. විමර්ශන ක⁣ළේය. ඒවා බොරු වැඩය. සියල්ල වතුරේය. මරණ වැඩි වුණේය.මහ ලොකු විද්‍යඥයෝ පැරදුණේය. කිසිම තොරතුරක් නැත්තේය. අපේ රටේ අය එහෙම නැත්තේය.හිතුනොත් යමක් කරන්නේය.කොරෝනා විශේෂඥ භුතාචාර්යතුමා කළුවරේම එළියට බැස්සේය. ඇයි එයාට මුත්‍රා බරක් හැදිලාදැයි රස්තියාදුවෙක් ඇසුවේය.


එතුමා අහස දෙස බැලුවේය. ඇගිලි ගැන්නේය. ආපහු අහස බැලුවේය. උඩ බලනවිට එතුමාගේ ඔළුවට සිනිදුවට යමක් වැටුණේය. හරි වල්ගා තරුවක් කුඩුවි වැසි ජලය සමග මිශ්‍ර වැටෙන දියරයක්ය. එතුමා එහෙම කීවේය. නැහැ ඔයාගේ ඔළුවට වවුලෙක් වර්චස් කළේය. ගෙදර කොල්ලා එ⁣හෙම කීවේය.


එතුමා සියල්ල තේරුම් ගත්තේය. පරණ අවුරුද්දේ එතුමා රූප පෙටිටියට ආවේය. නිවේදකයාගේ කට කණේය.ඒ සතුට වැඩි කමටය. කලින් අවුරුදුවල ආපු නළු නිළියෝ කැලේය. මෙහෙමනේ රඟපාන්නේ. ගෙදර කොල්ලා කිවේය. දැන් ගෙදර බල්ලාද ටිවි එක දිහා බලාගෙනය. එතුමා දීලා අදින්නේය. නාසා ආයතනයත් සොයා නොගත් කාරණා එතුමා බුද්ධිය මෙහෙයවා කීවේය. නිවේදක කොල්ලාටද සතුට ඉතිරි යන්නේය. ඒ ඔහු අහන ප්‍රශ්න නිසා දෙන උත්තර ගැනය. නව සොයා ගැනිම් ගැන භූතාචාර්යතුමා ගිනස් පොතට යන්නේය. ඒ යනවිට ප්‍රශ්න ඇසු නිවේදකයාටද යන්න පුළුවන්ය. ඒ ඔහුගේ බුද්ධිමත් ප්‍රශ්න නිසාය.


රූපාවාහිනි වැඩසටහන අන්තර්ජාලයෙන් වහ වහා ප්‍රචාරය වුයේය. භාෂා ගණනාවකට පරිවර්තනය වු⁣ණේය. ඒ මොහොතේම විකාශය වුණේය. අපේ රටට මහ ආඩම්බරයක්ය. ඒත් රජය දැක්වු සැලකිල්ල මදිය. එය හැම චැනලයකම ප්‍රචාරය කිරිමට තිබුණේය. එය ආණ්ඩුවේ වරදක්ය.ආණ්ඩුවට ලකුණු දා ගැනිමට තිබු අවස්ථාවක් මඟ හැරුණේය.වැඩ සටහන ධවල මන්දිරයේද විකාශය වුයේය. ට්‍රම්ප් ලොක්කාද ඇසුවේය. චාල්ස් කුමාරයාද බකිම්හෑම් මාලිගා වත්තේ එළවළු කොටුවේය. සාක්කුවේ තිබුණු පොකැට් රේඩියෝවෙන් වැඩ සටහන ඇසුවේය. ඉන්දියාවේ විද්‍යඥයෝ ගැන ලැජ්ජාවෙන් මෝදි හිමාලයට දිව්වේය. ලෝකයම දැන් වැඩ සටහන අසන්නේය.


අපේ මිනිහා වැඩසටහන නියමෙට කරන්නේය.අතපය විහිදුවන්නේය .නිවේදක කොල්ලාද ඉඳ හිට ගොන් ප්‍රශ්න අසන්නේය. සූර්යා ළගට යනවිට ග්‍රහ තරු පිච්චෙනේය. ඒවා දූවිලි අංශු බවට පත්වන්නේය. ඒ අංශුවලින් වලිගයක් හැදෙන්නේය.එතුමා වලිගය ගැන කියනවිට නිවේදක කොල්ලාද තම පිටිපස්ස අතගා බැලුවේය.

භූතාචාර්යතුමා ද තම පස්ස පැත්ත දිහා නිකමට බැලුවේය. පැහැදිලි කිරිම යලිත් පටන් ගත්තේය.ඒ වලිගය තියෙන නිසා වල්ගා තරු හැදෙන්නේය. ඒ ග්‍රහ බලපෑමෙන් කොරානා හැදෙන්නේය.


එතුමා එසේ කියනවිට හේවිසි නාද වැයුණේය. සක් හඬ පැතිරුණේය. තාලම් පොටවල් වැයුණේය.ඒ ඉබේමය. විශ්මිත දෙයක් වෙනවිට ඒවා එහෙමය. කැලේ සිටි අලි පවා කුංචනාද දුන්නේය. නරි හූ කීව්වේය. මේ ලොව කිසිම කෙනෙකුට සොයගත නොහැකිව තිබු දෙයක් එතුමා හොයාගත්තේය. ඒ සතුටට මහ පොළව සෙළවුනේය. ඉර පවා රස්නය අඩුකළේය.


වැඩ සටහන බැලු නාසා ආයතනයේ අය බය වුණේය.නාසා ලොක්කා ලැජ්ජාවෙන් ඇඹරුණේය .ලැජ්ජාව වැඩිකමට සුළු දියද ගලා ගියේය.අනෙක් ලොක්කෝ කටේ ටයි එක ඔබා ගත්තේය.මෙච්චර පරික්ෂණ කරලත් හොයා නොගත්දේ ලංකාවේ මිනිහෙක් කීවේය. ඒ ගැන බලවතුන්ට දැන් ලැජ්ජා හිතිලාය. ට්‍රම්ප් ලොක්කාට යකා නැග්ගේය. නාසාලොක්කන්ට නියෝග කළේය. ඒ වහාම ලංකාවට යෑමටය. භූතාචාර්යතුමා යටතේ වසරක් පුහුණුව ලැබිය යුත්තේය. නාසා අය ලගදිම එන්නෙය.ඒ අපේ එකා හමුවන්නය. ආඩම්බරය රටටමය. මේ හෙළිදරව්ව කලින් නොකළේ ඇයිදැයි කොල්ලෙක් ඇසුවේය. එසේ බැරිය. කලින් කිව්වානම් අගයක් නැත්තේය.

ධූම කේතුව කොරෝනාවට මුලය. ග්‍රහ බලපැමක්ද ඇත්තේය. එතුමාගේ නව සොයා ගැනිමට යුරෝපයද හෙල්ලුනේය. හෙට අනිද්දා එයාර්පොට් අරින්න වෙන්නේය. ඒ පිටරට ලොක්කන් පිළිගන්නය.ලංකාව පිරි යන්නේය. ඒ විදේශ විද්‍යාඥයන්ගෙන්ය. එන්නේ ඉගෙන ගන්නය. ඒ අපේ භූතාචාර්යතුමා ගෙන්ය. බොහෝ විට එතුමාගේ සේවය අපිට අහිමිවි යන්නේය. ඒ ට්‍රම්ප් ලොක්කා නිසාය.නාසා එකේ ලොක්කා වෙන්නේ ඉස්සරහට අපේ මිනිහාය. ඒ අස්සේ පොඩි චාන්ස් එකක්ද ලැබෙන්නේය. ඒ මේ මහා වියතාගෙන් ප්‍රශ්න ඇසු නිවේදකයාටය. ඔහුටද නාසා රැකියාවක් ලැබිය හැකිය. ඒ ග්‍රහලෝක ගැන ප්‍රශ්න කිරිමටය.


කොරෝනා ආපු එකත් එක අතකින් හොඳය. නැත්නම් නාසා පරදන විද්‍යඥයෙක් අපිට ඉන්න බව නොදන්නේය. ඒ බුද්ධ්ය සැඟවි යන්නේය. එතුමාට අපි ආදරේය.එතුමා ගැන ආඩම්බරය. ඒනිසා අපි එතුමාට උපදේශයක් දෙන්නේය. මින්පසු තැනක ඉඳගන්න කොට පරිස්සමින්ය. ඒ මොළය තැලුනොත් පාඩුව ලෝකයටමය. ලෝකයේ අනාගතයටය. නාසා එකේ බලාපොරොත්තුවලටය. ඒ අහිංසක බලාපොරොත්තු එතුමා කඩ නොකරන්නේය. අපේ පැතුම ද එයම වන්නේය.


තවත් දෙයක් කළ යුතුය. ඒ අනාගතය උදෙසාය.මේ මහා සොයාගැනිම හෙළිකළ දිනය පවා ඉතිහාස ගතවන්නේය. එසේම එතුමා කොරෝනා හැදු චූම කේතුව ගැන කියනවිට වාඩිවි සිටි පුටුවද ඉතිහාස ගතවන්නේය. එයද පුරාවස්තුවක් ලෙස සුරක්ෂිත කළයුත්තේය. එසේම නිවේදක දරුවා ප්‍රශ්න ඇසු මයික්‍රපෝනය ද අනාගත පරපුරට බලාගන්නට ආරක්ෂාකළ යුත්තේය.පිටරටවල් පවා ඒ පුටුව ප්‍රදර්ශනයට ඉල්ලිමට බැරි නැත්තේය.


වාඩිවි සිටි පුටුව අරන් තැබිමට පෙර සේදිය යුත්තේය.නොසන්ඩලයෙක් එසේ කීවේය. ඇයි ඒ හෙළිකිරිම කරන විට ගිය වර්චස් නිසාදැයි තව එකෙක් ඇසිය. වර්චස් නාලා හරි රටට කීර්තියක් ගෙන දුන්නේය. ඒ නිසා එතුමාට හද පිරි මෙව්වා එක පුදකළ යුත්තේය.

Related posts

කුවේටයේ සිටින අම්මාට ⁣රෝහලේ ඇඳක් මත හිඳ ගී ගයන සජන්..

Helarata

ශ්‍රි ලංකා ඉතාලි කොරෝනා මිත්‍රත්ව අක්කිලාගේ සංගමයක්

Helarata

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

Leave a Comment

Translate »