හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයට පසු තවත් බෝම්බ ප්‍රහාරයකට සුදානම් වෙලා.

2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට දෙවැනි වරටත් ප්‍රහාර මාලාවක් එල්ල කිරිමට සහරාන් හෂීම් ගේ කණ්ඩාම සැලසුම් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් එම ප්‍රහාරය දියත් කිරිමට සැලසුම් කළ පිරිස් පිලිබඳ මේ වන විට කරුණු හෙළිවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදුන බවට ප්‍රචාරයක් යවා විමර්ශකයන් නොමග යැවීමට උත්සහ කර ඇතිබවත් එවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලදී හෙළිවී ඇති බවත් හෙතෙම කියයි.

දකුණු ආසියාවේ රටක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකොට එයින් පළා එන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සඟවා ගෙන ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට ද මෙම කණ්ඩායම සාකච්ජා කොට ඇති බවට වන කරුණු ද අනාවරණය වී ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

Related posts

බඹරුන්ට සෙල්ලම් බැහැ….

Helarata

අන්තර් පළාත් බස් රථ ධාවනය නවතී…

Helarata

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

Leave a Comment

Translate »