හෙළරට - දේශිය පුවත්

සුපිරි වාහන,ගම්මිරිස් , පලතුරු රටින් ගෙන්වීම තහනම්..

මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින්  රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

ඒ අනුව මෝටර් වාහන, ශීතකරණ, අධි ශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි එළවළු, පළතුරු, ගම්මිරිස් ආදිය, මෙන්ම අනවශ්‍ය පිරිවැයක් බව සිතෙන සියලූ භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

රටින් පිටට ගලායන මුදල් ප‍්‍රමාණය අඩු කර හා රට තුළට ගලාඑන මුදල් ප‍්‍රමාණය වැඩිකිරීම මගින් රුපියලේ අගය ශක්තිමත්ව පවත්වා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය පිටු 78කින් සමන්විත බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ඡන්ද ගණන් කිරීම ජන්දයට පසුවදා..

Helarata

අන්තවාදී ප්‍රචණ්ඩත්වයන්ට ඉඩ නැත…ජනපති.

Helarata

25 සිට වාසනාව උරගා බලන්න අවස්ථාව…

Helarata

Leave a Comment

Translate »