හෙළරට - දේශිය පුවත්

සෞඛ්‍ය ඇමතිනිය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිරීක්ෂණයක…

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ප්‍රගතිය හා සංස්ථාවේ වර්තමාන තත්වය සොයා බැලීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (18) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවුවාය .

ශ්‍රී ලාංකික ජනතාවට තත්වයෙන් උසස් ප්‍රත්‍යක්ෂ ඖෂධ නිෂ්පාදන කිරීම ඖෂධ වෙළදපොලේ මිළ ඒකාධිකාරය බිද දමන්නටත් පහසු මිලකට ඖෂධ ලබා දීමත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රධාන පරමාර්ථයන්ය.

මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන paracetamol 500 mg (PACIDOL) නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමටත්, අධිරුධිර පීඩනය කොලොස්ටෙරෝල් වැනි බෝ නොවන රෝග තත්වයන් පාලනය කෙරෙන ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමටත්, අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ අවශ්‍යතාවන්ගෙන් 20% පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර එය 60% සිට 75% ඉහල දැමීට බලාපොරෝත්තු වන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා මෙහිදී සදහන් කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරිහු එක් වුහ.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹෙයි…

Helarata

කොටි කළ අපරාධවලට කරුණාගේ කතාව නිදසුනක්…

Helarata

ණයක් අරන් මහපොළ ගෙවන්න අනුමැතිය…

Helarata

Leave a Comment

Translate »