හෙළරට - විදෙස් පුවත්

එළිසබෙත් මහරැජින උපන්දින උත්සවය නවතයි..

ධර්ම ශ්‍රී තිලකවර්ධන

අප්‍රේල් 21 දිනට යෙදෙන දෙවන එළිසබෙත් මහ රැජිනගේ උපන් දින උත්සවය ඇය විසින්ම අවලංගු කර ඇත.


මේ දිනවල පවතින කොරෝනා ⁣වෛරස තත්වය සැලකිල්ලට ගෙන මහ රැජින මෙම තීරණය ගෙන ඇත.


ඒ අනුව 21 දින පැවැත්ව්මට නියමිතව තිබු රාජකීය හමුදාවේ සාම්ප්‍රදායික ආචාර මුර පැවැත්ව්ම අත්හිටුවා තිබේ.


වසර 68ක මහරැජිනගේ රාජ්‍යත්වය තුළ මෙවැනි උපන්දින උත්සවයක් අවලංගු වුයේ පළමු අවස්ථාවට බව බකිංහැම් මාලිගා ආරංචි මාර්ග පවසයි.


කෙසේ වෙතත් මහ රැජින සිය උපන් ද්නය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ අය සමග සම්බන්ධ විමට නියමිතය.


මීට අමතරව ජුනි මස දි පැවැත්විමට නියමිතව තිබු උපන්දින හමුදා ආචාර පෙළපාලිය හා උත්සවයද අවලංගු කර ඇත.මෙම සම්ප්‍රදාය 1748 දි දෙවන ජෝර්ජ් රජු විසින් මෙම සම්ප්‍රදාය අරඹා ඇත.

Related posts

ඇමරිකාවේ වැඩිම මරණ ගණන ඉරිදා වන විට – සියැටල්හි වොෂිංටන් විශ්ව විද්‍යාලය

Helarata

ආහාර බෙදාදෙමින් පොටෝ ගැනිම තහනම් – රාජස්ථාන් රජයෙන් නියෝගයක්

Helarata

සෙනෙට් සභිකයෝ වොෂින්ටනයේදී දණ ගසති

Helarata

Leave a Comment

Translate »