හෙළරට - විදෙස් පුවත්

ස්විඩනයේ සොෆියා කුමරිය හෙද සේවයට..

ධර්ම ශ්‍රී තිලකවර්ධන

නව කොරෝනා ව්‍යාප්තිය සමග ස්විඩනයේ රජ පවුලේ සොෆියා කුමරිය හෙද සේවය එක්වුවාය.


ස්විඩනයේ ස්ටොක්හෝම් හෙද කාර්ය මණ්ඩල සහායිකාවක් වශයෙන් ඇය සේවයට එක්වි සිටින්නිය.


කුමරිය හෙද සේවයට එක්වුයේ විශ්ව විද්‍යාලයෙන් ලද විශේෂ පුහුණුවකින් පසුව බව ස්විඩන් රජ මාලිගාව නිකුත් කළ නිවේදනයක සදහන්වේ.


සොෆියා කුමරිය ප්‍රකට සමාජ සේවිකාවක් මෙන්ම නිරූපිකාවකි. කුමරිය මේවනවිට 35වෙනි වියේ පසුවන්නිය. ස්විඩනයේ කිරුළට සිවුවැනි උරුමකරුවන කාල් කුමරු සමග විවාහ වි සිටින සොෆියා කුමරිය දෙදරු මවකි. ඇය විවාහ වුයේ 2015 වසරේදිය.

සොෆියා කුමරි සිය සමාජ සේවා කටයුුතු මෙන්ම කාරුණික තැනැත්තියක් වශයෙන් එරටේ ඉමහත් ප්‍රසාදයට ලක්ව සිටින්නිය.

Related posts

ඉන්දියාවේ කොරෝනා යකා තවත් බලවත්…

Helarata

වියට්නාමයෙන් කොරෝනා මට්ටු වෙයි… (Photo)

Helarata

ගුහා වන්දනාවට කොරෝනා ඔරවයි…

Helarata

Leave a Comment

Translate »