හෙළරට - දේශිය පුවත්

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වසා දමයි..

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වසා දමයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට (22) සිට දින 3ක කාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබේ.

පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, කොරෝනා ආසාදනය වී ඇති බවට (20) හඳුනාගත් පිලියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයා, පසුගිය 18 වන දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට මාළු මිලදී ගැනීම සඳහා පැමිණි බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තිබෙන මාළු අලෙවිසැල් සංඛ්‍යාව 154කි. ඒ සමඟ මාළු ලෑලි 3ක් අද දිනයේ වසා දමා ඇති බවත් ඒ අනුව දින තුනකට මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තිරණය කළ බවත් ඔහු පැවසිය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ සියලු දෙනාට 22 දින PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු වන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

Related posts

එක්සත් රාජධානිය නවතම කොරෝනා තත්වය

Helarata

කොරෝනා මැයි දිනයට හරස් වෙයි…

Helarata

නීතිවිරෝධී සතුන් දඩයම් කිරිම වහාම පරික්ෂණ….

Helarata

Leave a Comment

Translate »