හෙළරට - දේශිය පුවත්

ආසාදිතයාගේ නිවසින් දානය ගත් හිමිවරුන් පන්සලේම නිරෝධායනයට …

ආසාදිතයාගේ නිවසින් දානය ගත් හිමිවරුන් පන්සලේම නිරෝධායනයට

බොරලැස්ගමුව රත්තනපිටිය විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන්  වහන්සේලා  විහාරස්ථානය තුළම  ඊයේ (21) ස්වයං නිරෝධනයට  ලක් කර තිබේ .

රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට දහවල් දානය පිරිනමා ඇති බව අනාවරණය වීම හේතුවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා මෙලෙස නිරෝධායනය කර තිබේ.
එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් 20 ශ්‍රී ජයවර්ධන රෝහලට  ඇතුළත් කිරිමෙන්පසු පි.සි.ආර්.පරික්ෂණයේදි
ඔහු  කොරෝනා  ආසාදිතයකු  බවට තහවුරු වි තිබේ.

රෝගියාගේ  බිරිඳ ද එම නිවස තුළම ස්වයං  නිරෝධනය ලක් කිරීමට   පියවර ගෙන ඇති අතර එම නිවස සහ විහාරස්ථානය භූමිය  සහ අවට ප්‍රදේශ විෂබීජ හරණයට ලක් කළ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය .
 

Related posts

ලීසිං සමාගම්වලට වැඩ වරදි…

Helarata

විෂබීජ හරණ කුටිය සහිත බස් රථයක්…

Helarata

වෛද්‍ය සහයක රෝබෝවක්.. ⁣(Photo)

Helarata

Leave a Comment

Translate »