හෙළරට - දේශිය පුවත්

කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇමති දිනේෂ් මැදිහත්වෙයි.

කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇමති දිනේෂ් මැදිහත්වෙයි.

කොරෝනා වෛයිරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරිමට හා සේවක සුරක්ෂිත තාවය ආරක්ෂා කරමින් කටයුතු කිරිම පිළිබදව රජයේ පූර්ණ සහය ලබාදෙන බව නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.


ත්‍රී පාර්ශවීය කාර්ය සාධන බලකා කමිටු රැස්වීම (2020.04.21) නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවති අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම රැස්වීමේදි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ නිෂ්පාදන අංශයේ ව්‍යාපාර යළි ආරම්කිරිම ඒවායේ අඛණ්ඩ පැවැත්ම, සේවකයින්ගේ රැකියාවන් දිගටම පවත්වාගෙන යාම හා සේවක වැටුප් ගෙවිම පිළිබඳවයි.

කර්මාන්ත හා ඒවායේ සේවය කරන සේවකයින් මුහුණදෙන අභියෝගයන් පිළිබදව ශ්‍රී ලංකා හාම්පුතුන් ගේ සම්මේලනය හා වාණිජ මණ්ඩල සාමාජික ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා එකඟ විය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පළාත් පාලන ආයතනවල සහාය ඇතිව දිස්ත්‍රික් මට්ටමේ කම්කරු නිලධාරීන් යොදා ගනිමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. ව්‍යාපාර කර්මාන්ත හා සේවකයින්ගේ අඛණ්ඩ කටයුතු ඇතුළු සියලු අංශ පිළිබඳව සොයා බැලීමේ සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ ත්‍රි-පාර්ශවීය කාර්ය සාධක බලකා කමිටුව සමඟ ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ මෙහිදි එකඟ විය.

මෙම සාකච්ඡාව සදහා නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස් අබේගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ආයොජන මණ්ඩල නිලධාරින්, ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ නිලධාරින්, වෘත්තිය සමිති නියෝජිතයින් හා අමාත්‍යාංශයේ උසස් නිලධාරින් එක්ව් සිටියහ.

Related posts

මනාලයාගේ පැටිකිරිය හොයන අලුත් ක්‍රමයක්…

Helarata

වල්ලිපුරම් කුරක්කල් ඇතුළු 15ක් නිරෝධායනයට ….

Helarata

How To Avoid Getting Fat When Working From Home

Helarata

Leave a Comment

Translate »