හෙළරට - දේශිය පුවත්

කොරෝනාවෙන් ලංගම, දුම්රිය සහ ආර්.එම්.වී පාඩුව කෝටි 340 ක්…

කොරෝනාවෙන් ලංගම, දුම්රිය සහ ආර්.එම්.වී පාඩුව කෝටි 340 ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාල සීමාව තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548 ක පාඩුවක් සිදුවී තිබේ.


දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 76 ක් ලෙස සැලකේ

ඒ අනුව ගෙවී ගිය දින 28 කදී ඔවුන්ට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 2128 ක් බවට තක්සේරු කර ඇත.

මේ අතර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 15 ආදායමක් අහිමි වීමත් සමග ගත වු දින 28 ක කාලය තුළ රුපියල් මිලියන 420 ක පාඩුවක් සිදුව ඇත.

මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 30 ක් වන අතර සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 840 කි.

ප්‍රවාහන සේවා හා කළමානාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ආදායම් අහිමි වීම පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට දුන් උපදෙස් මත මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.

Related posts

ඩෙන්මාර්කය පෙම්වතුන්ට ආදරය කරයි…

Helarata

සාධාරණ දීමනාවක් නොලැබුණොත් ග්‍රාම නිළධාරි වර්ජනය තවදුරටත්..

Helarata

අගමැති උපදෙසින් රටපුරා ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් …

Helarata

Leave a Comment

Translate »