හෙළරට - ප්‍රාදේශීය පුවත්

පන්දහස ගැන දැනුවත් කළ මන්ත්‍රීගේ මූණට ගහලා..

ජනක හෙට්ටිආරච්චි


කොරෝනා තත්වය හේතුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු පහරදීමකින් තුවාල ලද පාණදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කොට ඇතැයි පිංවත්ත පොලිසිය පවසයි.


මෙලෙස රෝහල්ගත කොට ඇත්තේ පාණදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියංග (පො.ජ.පෙ) මහතායි. ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී ඊයේ (22) පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඇත. පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.


පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පිංවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප ලක්ෂ්මන් දිසානායක මහතා ගේ උපදෙස් හා මෙහෙයවීම මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඉතිහාසයේ පළමුවරට බලංගොඩ යටවෙයි….

Helarata

කොරෝනා අවධානමෙන් කළුතර පුදබිමද පාලු වෙයි

Helarata

සංජීව එදිරිමාන්න කලුතරින් ආශිර්වාද …

Helarata

Leave a Comment

Translate »