හෙළරට - විදෙස් පුවත්

ලෝක සාගතයක අවදානමක්…

ලෝක සාගතයක අවදානමක්

‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

මහ ව්‍යවසනයක් ඇති වීමට පෙර කඩිනම් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම කරමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලි පවසයි..

මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත ලෝකය ඈත අතීතයේ මුහුණ දුන් ආකාරයේ මහ විපත්තියකට මුහුණ දීමේ අවදානමක් ඇතැයි ද එබැවින් ඉක්මන් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම් කරමින් ජගත් සංවිධානය අවධාරණය කර සිටි.

දැනට කුසගින්නේ ඇතැයි ඇස්තමේන්තු කර ඇති මිලියන 135ක අධික ජනතාව කෙටි කාලයක් තුළ මිලියන 250ක් දක්වා වැඩි වනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් 30ක් පමණ පුළුල්ව පැතිරුණු සාගතයකට මුහුණ දෙනු ඇතැයි ද වාර්තාවේ දැක්වේ.

Related posts

ජොන්සන් සනීපෙන්

Helarata

දිල්ලියේ මීටරේ අයට ඔක්සිමීටර්…

Helarata

කොරෝනා අම්මලාට නිරෝගී දරුවන්…

Helarata

Leave a Comment

Translate »