හෙළරට - දේශිය පුවත්

විදෙස් නාහිමිවරුන් අරමුදලට දායකත්වය දක්වති.

විදෙස් නාහිමිවරුන් අරමුදලට දායකත්වය දක්වති

කෝව්ට් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ සංවර්ධන අරමුදල සදහා රටවල් ගණනාවක සංඝනායක හිමිවරුන් හා විහාරාධිපති හිමිවරුන් ආධාර ලබාදි ඇත.


ඒ අනුව සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ රුපියල් මිලියන පහක්, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමියෝ රුපියල් මිලියන පහක් එම අරමුදලට පරිත්‍යාග කර ඇත.

ඊට අමතරව ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි පුණ්‍යාධාර භාරය විසින් රුපියල් මිලියනක්, ස්විට්සර්ලන්තයේ ජිනිවා බෞද්ධ විහාරාධිපති ,ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි හා එම විහාරාධිකාරි හල්විටිගල සුජාත හිමි ඇතුළු දායක පිරිස හා විහාරස්ථ කුළඟන සමිතිය රුපියල් මිලියනකයක් ,ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඹදෙනියේ නන්දසිරි මාහිමියෝ රුපියල් ලක්ෂ 2ක් වශයෙන් අරමුදලටපරිත්‍යාග කෙරිණ.

ඊට අමතරව ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියෝ රුපියල් මිලියනක මුදලක්ද කොරෝනා අරමුදලට පරිත්‍යාග කෙරිණ. මෙම සියළු ආධාර වලට අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නාහිමිවරුන් විසින් බාරදි ඇත.

Related posts

ජනජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථාතත්වයට

Helarata

රාජාංගනයේ ගම්මාන 24 ක් හුදෙකලා වෙයි…

Helarata

ඇඳිරිනීතියෙන් නිවසේ තනිවු දරුවන්ට හිටපු ඇමැතිගේ සරණ

Helarata

Leave a Comment

Translate »