හෙළරට - දේශිය පුවත්

අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දමයි..

අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දමයි..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර ඩිපෝ අධිකාරිය තීරණය ඇත.

කොරෝනා ආසාදිත බවට (22) හදුනා ගත් නාවික හමුදා සෙබළාගේ අසල්වාසී පුද්ගලයෙකු අනුරාධපුර ලංගම ඩිපෝවේ සේවයේ යෙදී සිටින බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයකු පැවසීය.

ආසාදිත නාවික හමුදා සෙබළා සමග සමීපතව ඇසුරු කල පිරිස් අදාළ ඩිපෝ සේවකයා සමගද ඇසුරු කර ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනුරාධපුර ඩිපෝව වෙත පැමිණ එහි වැඩිදුර පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.

අනුරාධපුර ඩිපෝවට අනුයුක්ත බස්රථ ගණන 100කට ආසන්නයි. එහි කර්යය මණ්ඩලය 300ක් පමණ වන බවද වාර්ථා වේ.

Related posts

මඩු මංගල්‍යයට සීමා….

Helarata

ධීවර ජනතාව අවධානයෙන් …

Helarata

ඇමෙරිකාවේ අසාදිතයන් 200, 000 (ලක්ෂ 2) පනි.අද පමණක් 11,759 යි.

Helarata

Leave a Comment

Translate »