හෙළරට - විදෙස් පුවත්

ඉතාලිය වසා තිබියදි බජව් දැමු ලාංකිකයන්ට සුපිරි දඩයක්..

ඉතාලිය වසාතිබියදි බජව් දැමු ලාංකිකයන්ට සුපිරි දඩයක්.

කොරෝනා  වසංගතය නිසා ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා  (ලොක්ඩවුන්) තිබියදී ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළ සාදයක් පැවැත්වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට ඉතාලි පොලීසිය   එරට මුදලින් යූරෝ 400 සිට යූරෝ 3000 ක් දක්වා වන පොලිස්  දඩ මුදල් නියම කර ඇත.

මෙම ලාංකිකයින් 11 දෙනා ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී ෆිරෙන්සි නගරයේ ජනාකීර්ණ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළදී මෙම සාදය පවත්වා ඇත. ඒ සම්බන්ධයෙන් අසල්වැසි නිවෙසියන් ඉතාලි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ හදිසි වැටලීමක් කර ඇත.

තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුළ කඩා වැදුනු ඉතාලි පොලීසිය විසින් ඔවුන් එකිනෙකාට අදාල වැරදි අනුව යූරෝ 400 (රුපියල් 80,000) සිට යූරෝ 3000 (රුපියල් ලක්ෂ හය) දක්වා වූ දඩ මුදල් පැනවූ  බව දැනගන්නට ඇත.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්ථානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ඉතාලියේ මේවන විට පවතින රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ නීතියට අනුව උපන්දින සාද ඇතුලුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම මෙවැනි අවස්ථාවක මියගිය අයට සහ සමස්ත ඉතාලියට කරන අවමානයක් ලෙස සැළකෙන අතර මෙලෙස මෙම පිරිස්ට එරෙහිව පොලීසියට පැමිණිලි කරන්නට අසල්වැසියන් කටයුතු කරන්නට ඇතැයිද
පැවසේ.

Related posts

සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළේ තවත් පර්යන්තයක් වසයි..

Helarata

සිංගප්පූරුවේ කඩසාප්පු අැරියත් උද්දාම එපාලු….

Helarata

ඉන්දියාවේ ට්‍රක් රථ අනතුරින් සංක්‍රමණික කම්කරුවන් 23ක් මරුට…

Helarata

Leave a Comment

Translate »