හෙළරට - විදෙස් පුවත්

ඉන්දීය ජනාධිපති ආර්යාව දුප්පත් ජනතාවට මුඛ ආවරණ මසා දෙයි..

ඉන්දීය ජනාධිපති ආර්යාව දුප්පත් ජනතාවට මුඛ ආවරණ මසා දෙයි.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබේ.

ජනපති වතුයායේ තිබෙන ‘ශක්ති හාත්’ හි සිටිමින් ඇය එලෙස මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබේ දිල්ලියේ නිවාස අහිමි හා අඩු ආදායම්ලාභි පිරිස් අතරේ එම මුඛ ආවරණ බෙදා දීමට නියමිතය.

සවිතා කෝවින්ද් මහත්මිය රතු පැහැති රෙදි කඩකින් සකසා ගත මුඛ ආවරණයක් පැළැඳ මුඛ ආවරණ මැසීමේ නිරත වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය මාධ්‍ය (22) ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එක්ව සටන් වැදිය හැකි බවත් සියලු දෙනාටම යමක් කළ හැකි බවත් මුඛ ආවරණ මැසීමේ නිරත වීමෙන් ඉන්දීය ජනපති ආර්යාව පණිවුඩයක් ලබා දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

ඇමෙරිකා පොලිසිය දණ ගසයි. .

Helarata

සැප්තැම්බර් වෙනකල් ආර්ජන්ටිනාවේ උඩ ගමන් බැහැ..

Helarata

ඉන්දියාවේ එකම පවුලේ 11කට කොරෝනා …..

Helarata

Leave a Comment

Translate »