හෙළරට - දේශිය පුවත්

දරුවනි අගමැතිගෙන් අහන්න..

 
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින්  දරුවන් සම්බන්ධ කර ගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව, වත්මන් ව්‍යසනකාරී තත්වය නිසා ළමා මනසට බලපාඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන්, දරුවන්ට සමීප රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගෙන තිබේ.
 
ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය පිළිබඳ තමාට ඇති ගැටළු සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවෙකුට, තම ගැටළුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කර අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකිය.
 
එලෙස පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවිඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව සලසා තිබේ. මෙහිදී එම ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමට කටයුතු සැළසුම් කර ඇත.
 
මේ පිළිබඳ වැඩි විස්තර, අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කර ඇති දැන්වීම් පෝස්ටුව මගින් ලබා ගත හැකිය.
 
දැනටමත් සමාජමාධ්‍ය ඔස්සේ ගැටළු ලබා ගැනීම ආරම්භ ඇති අතර ගැටළු ඉදිරිපත් කිරීම අද රාත්‍රී 12.00ට පෙර සිදුකරන මෙන් ඉල්ලිමක්ද කෙරේ.
 

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අපරාධකරුවන් කවුදැයි හොයන්න..

Helarata

රාජිතගේ ඇප නියෝගය අවලංගු කෙරේ…

Helarata

කසාද බඳින්නම ඕනේනම් සෞඛ්‍ය උපදෙස් ගන්න…

Helarata

Leave a Comment

Translate »