හෙළරට - දේශිය පුවත්

ඉඹුල්පේ නිවාස 42 ක් ස්වයං නිරෝධායනයට …

ඉඹුල්පේ නිවාස 42ක් ස්වයං නිරෝධායනයට ..

සරත් වීරවංශ – බලංගොඩ

වැලිසර නාවික හමුදා කදවුරේ සේවයේ නිරත සෙබළුන්   පස් දෙනෙකු  නිවාඩු ලබාගෙන  බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කොට්ඨාසවල  තම නිවෙස් වෙත පැමිණිමෙන් ඔවුන් සමග සම්බන්ධතා පැවත්වු නිවෙස් 42 ක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.                                                              
                                                           
පසුගිය 22  වනදා  මෙම නාව්ක හමුදා සෙබළු නිවාඩු ලබාගෙන තම නිවෙස් වෙත පැමිණ ඇත. එහිදි ඔවුන් සිය ඥාතීන් හිතවතුන් සහ අසල්වාසීන් ඇසුරු කර ඇතැයි ද  එලෙස හදුනාගත් පිරිසක් සිටින නිවාස නිරෝධායනයට ලක් කර ඇත.                     

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් තිදෙනෙකු ඉඹුල්පේ පිහිටි නිවෙස වෙත පැමිණ ඇත. ඔවුන් තිදෙනා නෙල්ලිවල, හල්පේ සහ බෝවත්තේ  පදිංචිකරුවන් වෙති.       

                                                     
බලන්ගොඩ කොට්ටාසයට නාව්ක සෙබළුන් දෙදෙනෙකු නිවාඩු ලැබ පැමිණි තිබේ. ඔවුන් දෙදෙනා බටුගම්මන සහ බෝවත්තේ පදිංචිකරුවෝ වෙති. 


පවතින මෙම තත්වය නිසා බලංගොඩ නළුවෙල, රත්මලවින්න හා ඒ අවට වැසියන්ද යම්කිසි චකිතයකින් පසුවෙන බව නළුවෙල ප්‍රියදර්ශනාරාමාධිපති මුල්ලේගම විමලානන්ද හිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ .


ඇඳිරිනිතිය අලුයම ඉවත්කර නැවත රාත්‍රියේ පැනවිමත් සමගම ජනතාව යම්කිසි සහනයක් ලැබුවත් දැනට පවතින තත්වය මත ප්‍රදේශවාසින් තව දුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යොමුවිම අත්‍යවශ්‍ය බව පෙනෙන බවද උන් වහන්සේ පැවසුහ.


එසේම නිරෝධායන සේවාවන්වල යෙදුණු හමුදාවල සෙබළුන් එම කඳවුරුවලට සෞඛ්‍ය උපදෙස් මත රැඳි සිටිනවා හැර තම ගම්බ්ම්වලට පැමිණිම එම ගම්බිම්ද අනාරක්ෂිත තත්වයකට හෙළිමක් බවද උන් වහන්සේ පවසති.
 

Related posts

කට වසා නොගත් අයට අනුරාධපුර වන්දනාව තහනම්…

Helarata

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා 5 වන හා 6 වන ආසාදිතයන් හමුවේ.

Helarata

වික්ටෝරියාවේ පැල්මක්….

Helarata

Leave a Comment

Translate »