හෙළරට - දේශිය පුවත්

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය 25 සිට යළි විවෘත වෙයි

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය 25 සිට යළි විවෘත වෙයි.

කොවිඩ් 19 පැතිර යෑමේ අවධානමක් තිබීම හේතුවෙන් වසා දැමුණු පැළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළිත් තොග වෙළඳාම සඳහා හෙට (25) දිනයේ සිට විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසයි.

එම වෙළඳපොළේ වෙළෙන්දන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැතිවීම හේතුවෙන් මෙසේ වෙළඳපොළ යළිත් විවෘත කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 22 වනදා සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තිබිණ..

කෙසේ වෙතත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ ක‍ළේ සිල්ලර වෙළඳාම සිදු නොවන බවත් තොග වෙළඳුන් පමණක් එම ස්ථානයට පැමිණිය යුතු බවත්ය.

එසේ පැමිණෙන වෙළඳුන්ට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ඉල්ලීමක් කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල ගැන කමිටුවෙන් නිර්දේශ පහක්…

Helarata

අන්තර් පළාත් බස්වලට මගීන් අඩු⁣වේයැයි සැකයක්….

Helarata

භික්ෂුව දුසිල්වීමට වඩා ධර්මවිනය විකෘති කිරිම භයානකයි – මහාචාර්ය කපිල අභයවංශ

Helarata

Leave a Comment

Translate »