හෙළරට - දේශිය පුවත්

නිවසින් පිටවිමේ අවසරය හැදුනුම්පතේ අවසන් අංකය අනුව..

නිවසින් පිටවිමේ අවසරය හැදුනුම්පතේ අවසන් අංකය අනුව

 ඇඳිරි නීති සමයේ නිවසින් පිටව යෑමට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරමින් කියා සිටි..

ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණකි.
සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ පහත දක්වා ඇති පරිදිය.

අඟහරුවාදා     : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා              : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා     : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා            : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කටුනායකට ජපානයෙන් ලොකු තෑග්ගක්.. .

Helarata

විදුලි බරෙන් කොටසකට ආණ්ඩුව කරගහයි….

Helarata

සති අන්තයේ පාටි, ක්‍රීඩා තරඟ බැහැ..

Helarata

Leave a Comment

Translate »