හෙළරට - ප්‍රාදේශීය පුවත්

අඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරිය ස්වයං නිරෝධායනයේ..

ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරියෙක් නිසා ඇගේ සැමියා පසුගිය 12දා සිට 20දා දක්වා නිවාඩුවට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් නිල නිවසේ ගතකර ඇත. ඒ නිසා ඇය සිය නිල නිවාසයේම ස්වයං නිරෝධායකට ලක්ව සිටි.

මහේස්ත‍්‍රාත්වරියගේ සැමියාට කෝවිඞ් 19 ආසාදිත වී ඇති බවක් මෙතෙක් අතහවුරු වී නැති බව දැනගන්නට ඇත.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උපදෙස් මත මහෙස්ත‍්‍රාත්වරියගේ සැමියා නිල නිවසට පැමිණ සිටි දිනවල රාජකාරියේ නිරතව සිටි ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හත් දෙදෙනක් ද ඔවුන්ගේ නිවෙස් වලට යවා  නිරෝධායනයට ලක්කර සිටි.

Related posts

රත්නපුරේ ගිලන් රථයක් බොරැල්ලේදී අනතුරට

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

පහමුණේ අනුනාහිමි සමරා දුෂ්කර ගම්වලට ආධාර

Helarata

Leave a Comment

Translate »