හෙළරට - දේශිය පුවත්

සුමංගල මහානාහිමිගෙන් ආගම් බේදයෙන් තොරව ආධාර..

ජනක හෙට්ටිආරච්චි

එදා බුදු රදුන් දුකට පත් සතහට පිහිටවුයේ ජාති ආගම් කුල බේද නොතකාය. පිහිටක් අවශ්‍ය කාහටද ඒ සැමට බුදු පිහිට ලැබිණ.

ඒ උතුම් බුදු මග අනුව යමින් සිය නිරන්තරයෙන් අන්‍යයන්ට පිහිටවෙන යතිවරයන් වහන්සේ නමක් ලෙස පන්නිපිටිය දෙව්රම් වෙහෙර මහ විහාරාධිපති කොලොන්නාවේ සිරි සුමංගල මහනායක හිමියන් හැදින්විය හැකිය.


තමන් වහන්සේට දායකයන් විසින් පූජා කරන්නට යෙදුණු වටිනා රථය අලෙවිකර එම මුදලින් තවත් වාහනයක් ගැනිමට උන්වහන්සේ නොපෙළඹුණහ.

ඒ මුදලින් කාට හෝ පිහිටක් විය යුතුයැයි මහනාහිමියෝ කල්පනා කළහ. ඒ අනුව උන් වහන්සේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින විශාල පිරිසකට වියළි ආහාර ලබාදිමට උන් වහන්සේ පියවර ගත්හ.


එපමණකින් නොනැවතුණු සුමංගල මහනාහිමියෝ ⁣බස්නාහිර පළාතේ සියළු කතෝලික පල්ලිවලටද රුපියල් ලක්ෂ 27ක වියළි ආහාර සහ කාර්යාලවලට අවශ්‍ය උපකරණද පරිත්‍යාග කළහ.


කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මගින් එම ද්‍රව්‍ය සියළු පල්ලිවලට බෙදාදුණි.


⁣පන්නිපිටිය දෙව්රම් වෙහෙරේදි අගරදගුරුතුමා නියෝජනය කරමින් පැමිණි පියතුමන්ලාට සුමංගල නාහිමියන් විසින් සියළු ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණ.


සුමංගල මහනාහිමියන්ගේ මෙම සත් ක්‍රියාව සම්බන්ධයෙන් කාදිනල්තුමාගේ ප්‍රසාදයද පළ කෙරිණ .

Related posts

රංගිරි දඹුලු රජමහා විහාරය යළි විවෘත වේ…

Helarata

විදුලියට රතු බිල් එන්නේ නැහැ…

Helarata

වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්..

Helarata

Leave a Comment

Translate »