හෙළරට - දේශිය පුවත්

කිසිදු පාසලක නිරෝධානය මධ්‍යස්ථාන පිහිටුවන්නේ නැහැ… යුද හමුදාපති

කිසිදු පාසලක නිරෝධානය මධ්‍යස්ථාන පිහිටුවන්නේ නැහැ – යුද හමුදාපති

රටේ කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නොගන්නා බව ස්ථිර වශයෙන්ම කිවහැකි යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


පාසල් නිරෝධායනය මධ්‍යස්ථානවලට ලබාගන්නා බවට කියන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතිබවද හමුදාපතිවරයා අවධාරණය කළේය.


නිරෝධායනය මධ්‍යස්ථානයක් ඇතිකිරිමේදි වැසිකිළි පහසුකම්, වයිෆයි පහසුකම් ,රෙදි සෝදන යන්ත්‍ර සවිකිරිම ආදි පහසුකම් රැසක් දියයුතු බවත් පාසලක ඒ කිසිවක් කළ නොහැකි යැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


දැනට ඇතිවි තිබෙන තත්වය අනුව ත්‍රිවිධ හමුදාව කදවුරුවලට කැදවා ඇතිබැවින් අදාළ කදවුරුවල ඔවුන්ට දුරස්ථභාවය රඳවා ගැනිමට ඉඩ ප්‍රමාණවත් නොවන විට හමුදා සාමාජිකයන්ට නතරවිමට තෝරාගත් පාසල් කිපයක් පමණක් යොදා ගැනිම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසිය


ඒ නිසා පාසල් නිරෝධායනය මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට අනිසි බියක් ඇතිකර නොගත යුතුබවත් එවැන්නත් කිසිසේත්ම සිදුනොවන බවද හෙතෙම කීය.

Related posts

පොහොට්ටු ජාතික ලැයුස්තුව..

Helarata

කිලෝග්‍රෑම් 904,010 ක එළවළු රජය මිලදී ගනි.

Helarata

උපාධිධාරි රැකියා ලාභීන්ගේ නම් අද වෙබ් අඩවියේ….

Helarata

Leave a Comment

Translate »