හෙළරට - දේශිය පුවත්

වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 27 දින වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාව.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (27) දින සිට බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

බස්නාහිරසබරගමුවමධ්‍යමදකුණු,ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

උණ නම් හවසට එන්න…..

Helarata

අරාබිය අඟහරු ලෝකෙට යන්න තෙල් ගසයි….

Helarata

2 මධ්‍යම රාත්‍රියේ සිට කැන්වසින් වලට තිත…

Helarata

Leave a Comment

Translate »