හෙළරට - දේශිය පුවත්

සා.පෙළ ප්‍රතිඵල එයි…

සා.පෙළ ප්‍රතිඵල එයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යපෙළ )  විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් කර ඇත.
 
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන WWW.doenets.lk  වෙබ් අඩවියෙන් සහ www.results.exams.gov.lk   යන වෙබ් අඩවි සඳහා පිවිස නිවැරදිව විභාග අංක අතුළත් කර ප්‍රතඵල බලා ගත හැකි යැයිද විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 717,246 දෙනකු පෙනී සිට ඇත.
 
එයින් පාසල් අයදුම්කරුවන් 433,189 දෙනකු  වන අතර පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 284,057 කි. විභාග මධ්‍යස්ථාන 4,989 කදී විභාග පැවති අතර සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542 කි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය  වන්නේ නම්  පහත සඳහන් දුරකතන අංක මගින් විමසීම කළ හැකි බවද  කොමසාරිස්වරයා දන්වා සිටී.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011-2784208 / 011-2784537/011-3188350/011-3140314 සහ ක්ෂණික ඇමැතිම් අංකය 1911

Related posts

කොරෝනා මර්දන වැඩපිළිවෙළට ඔස්ට්‍රෙිලි⁣යාවේ සහය…

Helarata

ලොවපුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මරුට..

Helarata

⁣ලොව පුරා කොරෝනා මරණ 60,000 පසු කරයි

Helarata

Leave a Comment

Translate »