හෙළරට - දේශිය පුවත්

හමුදා කඳවුරු සෞඛ්‍ය සුරක්ෂිතභාවයට ජනාධිපති කාර්ය සාධක බලකායක්…

හමුදා කඳවුරු සෞඛ්‍ය සුරක්ෂිතභාවයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 27 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත් බව සහ ආසාධිතයන් සමග සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය යොමුකර රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා විශේෂ කාර්‍ය සාධන බලකාය හමුවේ අවධාරණය කළේය. එමෙන්ම ප්‍රධාන ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම බව නැවතත් සිහිකෙරිණි.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් විශේෂඥ කණ්ඩායම මඟින් ලබාගැනීමට ජනාධිපතිවරයා තීරණය කල අතර නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දීම සඳහා කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය .

Related posts

ලංකාවේ ශාන්ති ඇමෙරිකාවෙිදි සමුගනී….

Helarata

Microsoft Wants to Make HoloLens the Future of Education

Helarata

සුනාමියට දුන්න ඉඩමත් විකුණනාලු….

Helarata

Leave a Comment

Translate »