හෙළරට - දේශිය පුවත්

අම්බලන්ගොඩදි නාවික සෙබළුන් ආ බසය අනතුරක..

අම්බලන්ගොඩදි නාවික සෙබළුන් ආ බසය අනතුරක

ජනක හෙට්ටිආරච්චි

නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් තාප්පයක ගැටිමෙන් නාවික භටයන් 5ක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

අම්බලන්ගොඩ, රන්⁣දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක 28 අලුයම 2.30ට පමණ බස් රථය ගැටි තිබේ.

අනතුර සිදුව ඇත්තෙ රියදුරුට නින්දයාම නිසා බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.

නිවාඩු ලබා පැමිණ සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල, කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කළ පානදුර ඩිපෝවට අයත් බස් රථයක් ⁣මෙම අනතුරට ලක්ව තිබේ.

පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව පියවර ගත්තේය.

Related posts

ඇමෙරිකානුවන්ට යුරෝපයේ දොර වැසේ….

Helarata

කතරගම,පත්තිනි , විෂ්ණු, දැඩිමුණ්ඩ දෙවිවරුන්ටත් ඇඳිරිනීතිය බලපාලා….

Helarata

අගමැතිට තැපෑලෙන් එවූ පන්දහස හේවාහැට අතින්ම ජනපතිට ..

Helarata

Leave a Comment

Translate »