හෙළරට - දේශිය පුවත්

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි..

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි

27 දිනයේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වල දී නාරාහේන්පිට, දාබරේ මාවතෙන් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වූ බව සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව නාරාහේන්පිට, දාබරේ මාවත ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මිට පෙරද දාබරේ මාවතෙන් එක් කොරෝනා රෝගීයෙක් වාර්තා වී තිබුණු බවත් ඒ හේතුවෙන් දින දෙකක කාලයක් සිදුකළ පරීක්ෂණ මගින් මෙම රෝගීන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටි.

මිට අමතරව ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාධිතයෙක් වාර්තා වී තිබේ . ඔහු බණ්ඩාරනායක මාවතේ සිට පැමිණ එම වත්තේ රැඳී සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මීට අමතරව හැව්ලොක් ලේන් හී පදිංචිකරුවෙක් වන කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබේ .

මෙම පවිත්‍රතා අංශයේ සේවකයා කටයුතු කළ ලොරි රථයේ රියදුරා කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බව මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටි.

27 දිනයේදි වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කර සිටි.

Related posts

18,430කට අම්ෆන්ගෙන් කරදර …

Helarata

Meet the Nokia 8 — The First Android Flagship From The Iconic Brand

Helarata

ගුවන්තොටුපළේ කලබලයක් කිසිවකු කර නැහැ..

Helarata

Leave a Comment

Translate »