හෙළරට - දේශිය පුවත්

පොලිසිය දකිනවිට මුඛ ආවරණ දමා වැඩක් නැහැ…

පොලිසිය දකිනවිට මුඛ ආවරණ දමා වැඩක් නැහැ – ප්‍රංශයේ සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි

පොදුවේ තමන්ගේත් අනිත් සැම දෙනාගේ ආර්ක්ෂාව වෙනුවෙන් විහාරස්ථානය තුළදී මෙන්ම ඉන් පිටතදීද නිතරම මුඛ ආවරණ භාවිතය හා දුරස්ථ භාවය රැක ගැනීම අගය කරමින් කටයුතු කළ යුතුයැයි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ කියති.


ලබන මැයි මස 11 න් පසු සෑම දෙනාම මුඛ ආවරණ පැලදිය යුතු අතර සමාජ දුරස්ථ භාවය අඩුම් වශයෙන් මීටර එක හමාරක් තබාගත යුතුය. අත් වැසුම් පැලදිය යුතුය. මෙම නීති වලට ගරු කරන්නේ මේ වසංගතය ලොවින් තුරන් කිරීමේ අදහසිනි.

ඉතින් අපේ මාතෘභූමියේ සැමගෙන් ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පළදන්නේ පොලීසියට පෙනෙන්නට නොවන බවත් එය තමන්ගේ සහ අනිකුත් සැම දෙනාගේම ආරක්ෂාව සදහා බවත්ය. එසේ නොකිරීම සමාජයට කරණ මහත් විනාශයකි.

ආත්මාර්ථකාමී නොවී රට ගැනත් අනිත් සියලු දෙනා ගැනත් සිතා කටයුතු කරන්න යැයි ද නාහිමියෝ ඉල්ලා සිටිති.

Related posts

21 Quinoa Salad Recipes to Try This Spring

Helarata

කෘතිම ජිවන රටාවේ කටුක ප්‍රතිඵල ලෝකය අත්විඳිනවා – හිටපු කතානායක

Helarata

පුස්කාපු පාර්ලිමේන්තුවක් යළි ගෙනත් වැඩක් නැහැ – අගමැති

Helarata

Leave a Comment

Translate »