හෙළරට - දේශිය පුවත්

බගවන්තලාව වතුකම්කරුවෝ 5000 ඉල්ලා උද්ඝෝෂණයක..

රු 5000 ඉල්ලා වතු කම්කරුවන් විරෝධතාවක

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 5000 ක දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් (27) දින පස්වරුවේ විරෝධාතවක නියැලි සිටියහ.

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා , මොරා , කිලානි යන වතු වල වතු කම්කරුවන් පිරිසක් මෙසේ විරෝධතාවයේ නියැලිණි
වතුකරයේ එක්තරා වෘත්තිය සමිතියක සමාජිකයන්ට පමණක් අදාල දිමනාව ලබාදෙන බවත්, එම මුදල ලබාදිම සදහා පිඩාවට පත් පුද්ගලයින් තොරාගනු ලබන්නේ එම වෘත්තිය සමිතියේ ප්‍රබල සමාජිකයන් කිහිපදෙනෙකු විසින් බවත් වතු කම්කරුවෝ පවසති.

එකම පවුලේ සමාජිකයන් කිහිපදෙනෙකුටම
රු 5000 දිමනාව ලබාදෙන බවත් , තමන්ද එම මුදල ලබා ගැනිමට අයදුම්පතක් ඉදිරිපත් කලත් , තමන්ට එය මුදල නොලැබුණු බවත් ඔවුහු කියති

වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ සමෘද්ධි නිලධාරියා එම වෘත්තිය සමිතියේ කිහිපදෙනෙකු විසින් අනුමත කරන අයදුම්පත්වලට පමණක් රු 5000 දිමනාව ලබාදෙන බවද විරෝධාතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් චෝදනා කර සිටියි.

Related posts

ජනපති ශ්‍රි මහා බෝසමිදු වැඳපුදාගනි…

Helarata

Barely Into Beta, Sansar Is Already Making Social VR Look Good

Helarata

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

Leave a Comment

Translate »