හෙළරට - දේශිය පුවත්

වෙසක් පෝයට නිවසේ සිට ආගමික වතාවත් කරන්න…

වෙසක් පෝයට නිවසේ සිට ආගමික වතාවත් කරන්න – කෝට්ටේ මහනාහිමි

ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ජාවකදි පැවසුහ.


ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දි ඇත.

කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි ද මෙහිදි ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කර ඇති අතර , ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව සදහන් කර තිබේ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි..

Helarata

මැතිසබය රැස්කළ යුතුයි…

Helarata

බෞද්ධ දර්ශනය නිසා පරිසරයට ආදරය කරන ජාතියක් බිහිවුණා – අගමැති

Helarata

Leave a Comment

Translate »