හෙළරට - දේශිය පුවත්

සෙබළියන් සමග කැරම් ගැසු තරුණයාට කොරෝනා …

සෙබළියන් සමග කැරම් ගැසු තරුණයාට කොරෝනා

අනුරාධපුර, සාලියපුර, ඇළ පාර ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබළියන් දෙදෙනකු මෙම තරුණයාගේ අසල්වාසීන් බවය.

මෙම තරුණයා එම නාවික හමුදා සෙබළියන් සමග කැරම් ක්‍රීඩාවේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

එම නාවික හමුදා සෙබළියන් දෙදෙනා නාවික හමුදා කඳවුරට සේවය සඳහා ගොස් ඇතැයි ද එම කාර්යාලය පවසයි.

මෙම තරුණයාගේ පියාද යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර, සාලියපුර ප්‍රදේශයේ නිවාස 25 ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Related posts

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප කොවිඩ් -19 ට…

Helarata

දඹාන අරී…

Helarata

කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල ගැන කමිටුවෙන් නිර්දේශ පහක්…

Helarata

Leave a Comment

Translate »