හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වේ .

කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වේ .

කෑගල්ලේ මෙම මස 27 දින දක්වා කොරොනා ආසාදිතයින් එකොළොස් (11) දෙනකු කෑගල්ලලේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය .


මොවුන් කෑගල්ල, රඹුක්කන, වරකාපොල, මාවනැල්ල ,දෙහිඕවිට යන ප්‍රාදේශීය බල ප්‍රදේශයන්ට අයත් වේ.


කටුනායක ගුවන්තොටුපල හි පිරිසුදු කරන සේවකයින්ට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සහ නිලධාරීන් මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.


උදුගොඩ , රන්දිවල, අලව්ව යන ප්‍රදේශවල වැලිසර නාවික හමුදා සෙබලුන් හට ඔවුන් නිවාඩු ලබා පැමිණ පසු ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත් පත්තම්පිටිය, වරකපොල ,දෙහිමඩුව යන පළාත් වල පදිංචි නාවික හමුදා සෙබළුන් නාවික හමුදා කඳවුරේ දී ආසාදිත බව තහවුරු වී ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසී ය.


මෙම තත්ත්වය මත කෑගල්ල, මාවනැල්ල නගර වලට පැමිණීම අවධානමක් ඇති හෙයින් අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට පැමිණීම සීමා කරන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කුමාර් වික්‍රමසිංහ මහතා ජනතාව ගෙන් ඉල්ලා සිටි.

Related posts

මතු පරපුර වෙනුවෙන් අභිමානවත් සංස්කෘතිය රැකගනිමු -කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය..

Helarata

මෑණියන්ගේ පිංකමට දෙවුන්දර නන්දරතන හිමිගෙන් පවුල් දහසකට එළවලු

Helarata

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

Helarata

Leave a Comment

Translate »