හෙළරට - දේශිය පුවත්

දේශිය විදේශිය ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන අවධානය ….

ඇමති දිනේෂ් ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් හමුවෙයි.

විදේශ සබදතා,නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (28) මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සින්ගර්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් යන මහත්මීන් හා ජාත්‍යන්තර විගමණික සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ සරට් ඩාෂ් මහතා හමුවිය. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදි කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාර, දේශීය විදේශීය රැකියා ක්ෂේත්‍රයට කෙරෙන බලපෑම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සිදුකිරිමට සහය විම සඳහා යාන්ත්‍රණයක් සැකසිම ගැන සාකච්ඡා කෙරිණි.

කොරෝනා වෛයිරස බලපෑම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ව්‍යාපාර මෙහෙයුම් කඩාවැටීමේ ගැටළු, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් මුහුණපාන ගැටළු හා කාරක ප්‍රාග්ධනය මෙන්ම සේවක ගැටළු සම්බන්ධවද මෙහිදි අවධානය යොමුවිය. තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවු විගමණික ශ්‍රමිකයන්, රැකියා අහිමිවුවන් සහ ප්‍රේෂණ ගැටළු සම්බන්ධවද මෙම හමුවේදී සාකච්ඡා විය.

එසේම මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් හා දේශිය ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සහයදීම සඳහා රජය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් කඩාවැටී ඇති ආසියානු කලාපීය ආර්ථිකය පනගැන්විම සදහා සංවර්ධන උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාවයද මේ අවස්ථාවේ පවතින බවයි.

මෙම වසංගත අවස්ථාවේදි එය මනාව කලමනාකරණය කිරිමට ශ්‍රි ලංකා රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හානා සින්ගර් මහත්මිය, ශ්‍රි ලංකා රජයට ඒ වෙනුවෙන් ප්‍රසංසාව පළකරන බවද ප්‍රකාශ කළාය. එමෙන්ම විගමණික ශ්‍රමික කටයුතු හා සුභසාධන පහසුකම් ලබාදීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, හා ජාත්‍යන්තර විගමණික සංවිධානය යන ආයතන වල මාර්ගොපදේශනවල සහය ඇතිව ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කමද ඇය විසින් පෙන්වා දුන්නාය.

මෙම සාකච්ඡාව සදහා නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස් අබේගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, යන මහත්වරුන් හා උසස් නිලධාරින් එක්වී සිටියහ.

Related posts

හෝටල් අවන්හල් ඇරේ…

Helarata

බිරුවේ බල්ලෝ හිටියේ වල් අලි……

Helarata

කොරෝනා රොගින් 210 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »