හෙළරට - දේශිය පුවත්

නවසීලන්තය ආදර්ශයට ගෙන විනයගරුකවී රෝගය පාලනය කරගමු…

නවසීලන්තය ආදර්ශයට ගෙන විනයගරුකවී
රෝගය පාලනය කරගමු – නවසිලන්තයේ සංඝනායක වල්ගම මුනින්දවංශ නාහිමි

නවසිලන්තයේ ඉතා ඉක්මනින් කොරෝනා මර්දනය කිරිමට හැකිවුයේ එම ජනතාවගේ විනයගරුක බව නිසා යැයි නවසිලන්තයේ ප්‍රධාන සංඝනායක ,ඔක්ලන්ඩ්හි ශ්‍රි ලංකාරාමාධිපති වල්ගම ශ්‍රි මුනින්දවංශ නාහිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ.


කොරෝනා එරටේ පැතිරිමත් සමගම රජය නොයෙක් සීමාවන් පනවමින් ජනතාව දැනුවත් බවත් ජනතාවද ඒ උපදෙස් නිසිලෙස පිළිපැද්ද බවත් නාහිමියෝ පෙන්වා දෙති.


එක මොහොතක නවසීලන්තයම ලොක්ඩවුන් කර තිබියදි සෞඛ්‍ය ඇමැතිවරයා සිය පවුල පිටින් මුහුදු වෙරලේ ඇවිදිමට ගොස් තිබුණා. පසුව අගමැතිනිය ඒ ඇමැතිවරයා තත්වයෙන් පහළට දැම්මා. එසේම ⁣අගමැතිනිය ඇතුළු ඇමැති මණ්ඩලයම සිය වැටුපෙන් කොටසක් කපා ගත්තා. ඒ අනුව විපක්ෂ නායකවරයාත් වැටුප අඩුකරගත්තා.


කෙසේ වෙතත් ජනතාව ඉතාම විනයගරුකව සිටිමින් උපදෙස්වලට ගරුකරමින් සිටිම නිසා කොරෝනා පාලනය කරගැනිමට හැකිවු බවද වල්ගම ශ්‍රි මුනින්දවංශ නාහිමියෝ කිහ.


ලාංකිකයන්ද විනය ගරුකනම් මෙය පාලනය කිරිම අසිරු නැතැයිද උන් වහන්සේ කියති.

Related posts

ජාතික වෙසක් සතිය මැයි 4 සිට 8 දක්වා..

Helarata

මිල්ලන්ගොඩ ජයන්ති රාජා හස්ති රාජයා ජීවිතෙන් සමුගනී…

Helarata

පුද්ගලික අංශයේ කිසිවෙක් රැකියාවෙන් ඉවත් කිරීමට බෑ –

Helarata

Leave a Comment

Translate »