හෙළරට - විදෙස් පුවත්

ප්‍රංශය යලි විවෘත වේ

ප්‍රංශය යලි විවෘත වේ

මාස දෙකකට ආසන්න කාලයක් විවිධ නීති රීති යටතේ මහජනතාවට ඒකරාශී වීමට නොහැකි වන අයුරින් පනවා තිබූ නීති රීති ටිකෙන් ටික ලිහිල් කරමින් මැයි මස 11 දින සිට නැවතත් ප්‍රංශය ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමට කටයුතු කරණ බව ප්‍රංශ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .

මේ අනුව මැයි මස 11 දින් සිට මුඛ ආවරණ පැලදීම අනිවාර්ය වන අතර සමාජ දුරස්ථ භාවය රැකගැනීම හා නිතර දෑත් සේදීම වයිරසය පැතිරීම අවම කර ගැනීම වෙනුවෙන් සිදු කළ යුතු බවද හෙතෙම සදහන් කළේය.

ප්‍රංශ රජය මගින් හැකිතාක් මුඛ ආවරණ නිපදවීම සදහා කටයුතු කරණ බවද ප්‍රකාශ විය.


අප්‍රේල් 30 සිට මුඛ ආවරණ තැපැල් මගින් ලැබෙන්නට සලස්වන අතර පාවිච්චි කොට ඉවත දමන සහ සෝදා පාවිච්චියට ගත හැකි මුඛ ආවරණද බහුල කරණු ඇත.මිලියන 20 ක සෝදා පාවිච්චි කළ හැකි මුඛ ආවරණ නිකුත් කෙරෙණු ඇත.

මැයි මස 11 දින සිට ලක්ෂ 7 ක PCR පරීක්ෂණ සතියකට සිදු කරන්නට තීරණය කර ඇත.


සියලුම පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට මුඛ ආවරණ ලැබාදීමට කටයුතු කෙරෙණු ඇත.


මැයි 11 දින සිට පෙර පාසැල් සහ ළමුන් ආරක්ෂිතව තබාගන්නා ස්ථාන විවෘත කෙරෙණ අතර පෙර පාසලක පන්තියක් සිසුන් 15 කට සීමා කෙරෙණු ඇත.
ළමුන් ආරක්ෂිත (Gaderie ) ස්ථාන 10 දෙනෙකූට සීමා කෙරෙණු ඇත.


වයස අවුරුදු 3 ට අඩු ළමුන්ට මුඛ ආවරණ අවශ්‍ය නොවනු ඇත.


මැයි 18 දින සිට 5 සහ 6 පන්ති තිබෙන පාසල් විවෘත වනු ඇන. අනිකුත් උසස් පාසල් ජූනි මස සිට විවෘත වනු ඇත .


මෙමෙ විවෘත කිරීම් වල යම් යම් වෙනස්කම් ඒ ඒ දිස්ත්‍රික්ක අනුව වෙනස් විය හැකිය.


රතුපාට හා කොළ පාට ලෙස දිස්ත්‍රික්ක වෙන් කර ඇත.


බහුලව ආසාදිතයින් සිටින පලාත් රතුපාටින් සහ ආසාදිතයින් අඩු ප්‍රදේශ කොල පාටින්ද වෙන් කර ඇත..


ආපනශාලා , කෝපි තේ සහ මත් ද්‍රව්‍ය අලවි කරණ ස්ථාන ආදිය ජූනි මස 2 යින් පසු විවෘත කෙරෙණු ඇත.


සිනමාහල් සහ විශාල වශයෙන් ජනතාව රැස් වන ස්ථාන විවෘත කිරීමට අවසර නොමැත.


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා සාමාන්‍ය ප්‍රමාණයේ කඩ සාප්පු විවෘත කෙරේ.


මරණයක් වූ ව්ට අවසන් කටයුතුවලට සහභාගී වන්නට හැක්කේ 20 කට පමණි.
ආගමික ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර රැස්විය හැක්කේ 10 දෙනෙකුට පමණි.

Related posts

ටික් ටොක් තහනමෙන් ගීත් දුකෙන්….

Helarata

සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි…

Helarata

යුරෝපා රටවලට යුරෝපයේ දොර හැරේ…

Helarata

Leave a Comment

Translate »