හෙළරට - දේශිය පුවත්

රූපවාහිනි නාලිකාවක පහක් PCR පරික්ෂණයට…

රූපවාහිනි නාලිකාවක පහක් PCR පරික්ෂණයට

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර තිබේ .

ඒ අතර වේෂ නිරූපණ ශිල්පියකු ද වේ.

ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයන් සමග අදාළ රූපවාහිනී ආයතනයේ වැඩසටහනකට එක් වී තිබේ .

එම වැඩසටහනට එක් වූ නාවික හමුදා කණ්ඩායමේ අයකුට කොවිඩ් වැලඳීමත් සමග කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ගුවන් හමුදා සෙබළාත් ආසාදිතයකු ලෙස වාර්තා විය.

ගුවන් හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කළ තූර්යවාදක කණ්ඩායම පසුගිය දිනවල මහල් නිවාස ආශ්‍රිතව සංගීත ප්‍රසංගවලට එක්ව ඇත.

Related posts

බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර…

Helarata

38,983ක් රට සිට එන්න උත්සහයක..

Helarata

ස්කෝල කැන්ටිං තහනම්…

Helarata

Leave a Comment

Translate »