හෙළරට - දේශිය පුවත්

ජනතාව ඇඳන් උඩ නිදිකරවන්න හමුදාව බිම නිදාගත් අවස්ථා තියෙනවා..

ජනතාව ඇඳන් උඩ නිදිකරවන්න හමුදාව බිම නිදාගත් අවස්ථා තියෙනවා – යුද හමුදාපති

හමුදාව කිසිම අවස්ථාවක බිම බුදියන්න ලැජ්ජා නොවන බවත් ජනතාව ඇඳන් උඩ බුදිකරවන්න හමුදාව බිම නිදාගත් අවස්ථා තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රූපවාහිනි නාලිකාවක් සමග පැවැති සාකච්ජාවකදි 30 පැවසිය.


හමුදා සෙබළුන් බිම නිදාසිටින ජායාරූපයක් සමාජ මාධ්‍යයේ තිබිම ගැන කළ විමසිමේදි හමුදාපතිවරයා එසේ කිය.


” මමත් එය දුටුවා. නිරෝධානයට දැනට බස්නාහිර පළාතේ ගොඩනැගිලි පහක් තියෙනවා .මුලතිව්වල තුනක් හා මධ්‍යම පළාතේ තුනක් තියෙනවා. ඔය කියන ජායාරූපය පිටරටක යොමුකළ එකක් බවයි දැනට හෙළිවි තියෙන්නේ. ඔය කියන තත්වයක් ඇතිවි නැහැ. අපි අපේ රණවිරුවන්ව හොඳින් බලාගන්නවා.අපි බිම බුදියලා තියෙනවා.එහෙම කර තිබෙන්නේ ජනතාව ඇඳන් උඩ නිදිකරවන්නයි. මමත් එහෙම ගස්ගල්වලත් නිදාගෙන තියෙනවා. එහෙම කරන්න ලැජජාවක් නැහැ.එහෙම වුණත් අපි කියන්න බයත් නැහැ.කොහොම වුණත් කිසිම කඳවුරක ඔය කියන තත්වයක් ඇතිවි නැහැ යැයිද හමුදාපතිවරයා වැඩිදුරටත් කීය.

Related posts

VR Health Group Is Rating How Many Calories Games Burn

Helarata

ජුනි 20 දා තෙක් ආදායම් බදු ගෙවීමේ දී දඩ අයකිරීමක් නෑ…

Helarata

iPhone 8 Leak Reiterates Apple’s Biggest Gamble

Helarata

Leave a Comment

Translate »