හෙළරට - දේශිය පුවත්

නිට්ටඹුව පීඨාධිපති කොටගම නාහිමියෝ විශ්‍රාම ලබති..

නිට්ටඹුව පීඨාධිපති
කොටගම නාහිමියෝ විශ්‍රාම ලබති

ධර්ම ශ්‍රි තිලකවර්ධන

නිට්ටඹුව ජාතික අධ්‍යාපන පීඨයේ සහ දඹදෙණිය සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති කොටගම වාචිස්සර නාහිමියො සිය තිස් දෙවසරක අධ්‍යාපන⁣ සේවයෙන් අප්‍රේල් 30 වෙනි දින විශ්‍රාම ලැබුහ.


නිට්ටඹුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සහකාර කථිකාචාර්ය,කථිකාචාර්ය හා උප පීඨාධිපති වශයෙන් සේවය කල උන් වහන්සේ පසුව එහි පීඨාධිපති පදවියට පත්වුහ.


පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන,හා පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනින් අධ්‍යාපනය ලැබු කොටගම වාචිස්සර හිමියෝ ශ්‍රි ජයවර්ධනපුර කැලණිය හා කොළඹ විශ්ව විද්‍යාලවලින් සිය උපාධි ලබාගත්හ.ඊටඅමතරව ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ප්‍රංශ භාෂාව පිළිබද ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.කැස්බෑව නන්දන පිරිවෙන, ගංගොඩවිල සුභද්‍රරාම පිරිවෙන ,යටියන්තොට සිරිවර්ධන විදුහල, කොළඹ ඉසිපතන විද්‍යාලය යන පිරිවෙන් හා පාසල් කීපයකම උන්වහන්සේ ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇත.


කොටගම වාචිස්සර නාහිමියන් නිට්ටඹුව ජාතික අධ්‍යාපන පීඨයේ සිව්වැනි පීඨාධිපති වේ.


අධ්‍යාපන පරිපාලන සේවයේ යෙදෙන අතරතුර උන් වහන්සේ දිවයිනේ ප්‍රධාන පුවත්පත් රැසකට ශාස්ත්‍රීය ලිපි ලේඛන සැපයුහ.ලක්බිම පුවත්පත හරහා උන් වහන්සේ කාලින ලිපි ලේඛන නිසා රටේ බොහෝ දෙනා අතර වාචිස්සර නාහිමියන් ලේඛකයකු වශයෙන් ප්‍රකටවිය.


නෙදර්ලන්තය ,ප්‍රංශය,ඉතාලිය, ඩෙන්මාර්කය , නෝර්වේ ,ස්විඩනය, එංගලන්තය ,නවසීලන්තය ආදි රටවල් ගණනාවක මෙන්ම සිංගප්පූරුව,මැලේසියාව, ආසියාතික රටවලද වාචිස්සර නාහිමිගේ ධර්ම දූත මෙහෙවර පැතිරිණ.


කොටගම වාචිස්සර නාහිමියන්ගේ අධ්‍යාපන ශාස්ත්‍රීය ආගමික සේවාව අගයමින් මල්වතු මහ විහාරය මගින් සද්ධර්ම කීර්ති ශ්‍රි ධම්මකිත්ති යන ගෞරව සම්මානය සහිතව කෝරළතුන සහ පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණ.


-ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

කොළඹ ගම්පහ ගැන දැන්ම කියන්න බැහැ…

Helarata

⁣ලොව පුරා කොරෝනා මරණ 60,000 පසු කරයි

Helarata

Condolences of the Siyam Sept of the Asgiri Maha Vihara.

Helarata

Leave a Comment

Translate »