හෙළරට - දේශිය පුවත්

කොරෝනා වලින් මියගිය රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට භාර දීලා – වෛද්‍ය සංගමයෙන් චෝදනා

කොරෝනා පිළිබඳ කරන ලද පළමු PCR පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා පසුගිය දා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.. ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් ‍PCR පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර මෙම පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දි සිදුකර ඇත. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇතැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ බව තහවුරු වී තිබිය දී පසුගිය 27 වැනි දා රෝගියා මිය ගොස් ඇති අතර ඔහුගේ දේහය මෘත දේහ ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කරන තිබෙි.. ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැළසුම් කර ඇත.. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනා යැයි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන් ද නිරෝධායනයට යොමුකර ඇත.

එසේ තිබිය දී යළිත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින IDH රෝහලේ රසායනාගාරය වෙත යවා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ IDH රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැති යැයි තහවුරු වී ඇති බවයි.

මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට භාර දී ඇති බවත්, ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියදගල සුසානභූමියේ දී නිරෝධායන නීතිවලට අනුකූළ නොවන පරිදි අවසන් කටයුතු (30) සිදුකර ඇති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය පවසයි.

Related posts

ඇමෙරිකාව කොරෝනා ලක්ෂ 3 පනි (300,000)

Helarata

පාසල්වලට -වසර 5 ජන්ද නාම ලේඛනය වෙබ් අඩවියෙන්

Helarata

කොරෝනා සුවකිරිමට ආයුර්වේදයට ගුරුකුලය හරස්වෙලා…

Helarata

Leave a Comment

Translate »