හෙළරට - දේශිය පුවත්

නවසිලන්තයේ ව්‍යාපාරිකයින්ට ඩොලර් 100,000 ක පොලී රහිත ණයක්..

නවසිලන්තයේ ව්‍යාපාරිකයින්ට ඩොලර් 100,000 ක පොලී රහිත ණයක් .

ජනතා බදු මුදල් නිසා විගණන ක්‍රියාවලියකට යටත් යැයි මුදල් ඇමැති කියයි


නිරංජන් හේරත් නවසිලන්තයේ සිට

පසුගිය පැය විසිහතර තුළ නවසීලන්තයෙන් තවත් කොවිඩ් -19 වෛරස් ආසාදිතයන් තුන්දෙනෙක් හමු වූ බව මුදල් අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා සහ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්ල්නේ මහත්මිය සහභාගී වූ මාධ්‍ය සාකච්චාවකදී රජය විසින් නිවේදනය කළේය.


කෙසේ වෙතත් මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කිසිවෙකුත් දැඩි සත්කාර ඒකකයේ නොමැති බවත් කැරොලයින් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


මේ වන විට නවසීලන්තයේ පැවති වයිරස් අසාදිත පොකුරු අතරින් එක් පොකුරක් සම්පුර්ණයෙන්ම පාලනය කර අවසන් බවත් තවත් එකක් 1 දවස තුල සම්පුර්ණයෙන්ම පාලනය කරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් හයක් පාලනය කල හැකි වෙනු ඇතැයි කියා ඇය විශ්වාස කරන බවත් පැවසූ කැරොලයින් මහත්මිය දැනට පවත්නා තත්වය ඉතා හොඳ වුනත් තවමත් සිද්ධීන් වාර්තා වන නිසා හැමදෙනාම තව දුරටත් ප්‍රවේශම් විය යුතු බවත් මෙහිදී පැවසුවාය.


මේ අතර මුදල් අමාත්‍ය ග්‍රාන්ට් මහතා විසින් මෙම වසංගත තත්වය නිසා ආර්ථික වශයෙන් විශාල පහරක් වැදී ඇති කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට රජය විසින් ඩොලර් 100,000 ක පොලී රහිත ණයක් ලබා දීමට කටයුතු කරන බව පැවසිය.

මේ සඳහා යොදාගන්නේ රටේ ජනතාවගේ බදු මුදල් නිසා මේ සියළුම මුදල් ගණුදෙනු විගණන ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම යටත් බවත් ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පාසල් ඇරීමට චක්‍රලේඛයක්…

Helarata

ගාල්ලට වතුර කැපේ…..

Helarata

දුම්රියෙන් වැඩට යන අයට ෂීට් අංකය SMS එකෙන්…

Helarata

Leave a Comment

Translate »