හෙළරට - දේශිය පුවත්

වෙසක් පෝයට තොරණ, දාන, සීල පින්කම් එපා: නිවෙස්වල රැ⁣ඳි පින්කම් කරන්න..

වෙසක් පෝයට තොරණ, දාන, සීල පින්කම් එපා:

නිවෙස්වල රැ⁣ඳි පින්කම් කරන්න- ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

ධර්ම ශ්‍රි තිලකවර්ධන

කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කරගෙන හුදෙක් ජනජිවිතවලට ආරක්ෂාව සැලසිමේ අපේක්ෂාවෙන් මෙවර වෙසක් පුණ්‍යොත්සවය සදහා තොරණ දාන සීල භාවනා පින්කම් නොපවත්වා නිවෙස්වලම රැදි සිටිමින් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරතවන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිපාණන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සදහන්වේ.


වෙසක් පුණ්‍යොත්සව පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මහනාහිමිවරුන්ගේ උපදෙස් අනුව බුද්ධශාසන අමත්‍යංශය මගින් බෞද්ධ ජනතාව දැනුවත් කරනු ඇතැයිද මහනාහිමිවරුන්ගේ එම ඒකාබද්ධ නිවෙිදනයේ සදහන්වේ.


මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමි ,අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමි, අමරපුර මහ නිකායේ උත්තරිතර මහනායක කොටුගොඩ ධම්මාවාස හිමි,ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක නාපාන පේමසිරි හිමි යන මහනාහිමිවරුන් මෙම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

මල්වතු මහනාහිමි
අස්ගිරි මහනාහිමි
අමරපුර මහනාහිමි
රාමඤ්ඤ මහනාහිමි

Related posts

කහකුඩු වල පාන් පිටි සහ සහල් පිටි …

Helarata

ඉන්දියාවේ මරණ 15,000 ඉක්මවයි…

Helarata

ඇඩ්‍රස් නැති පාර්සල් තවමත් එකතැන….

Helarata

Leave a Comment

Translate »