හෙළරට - දේශිය පුවත්

හිටපු විපක්ෂ නායකගේ ප්‍රකාශය අසත්‍ය බව අගමැති කාර්යාලය කියයි ..

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එළැඹෙන සඳුදා (2020.05.04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන ලෙස පසුගියදා විසුරුවන ලද 8 වන පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා හැර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 224ටම මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ඊට අදාල දැනුම්වත් කිරීම සිදු කොට තිබෙන බව අගමැති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සදහන්වේ.
එම නිවේදනය මෙසේය.

අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම්වරයෙකු විසින් ඉකුත් බදාදා (2020.04.29) දින සවස 5.59ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දී ඒ මහතාටම අදාල පණිවිඩය දැනුම් දී ඇති අතර පසුව කෙටි පණිවිඩයක් (SMS) මඟින් ද අදාල කැදවීම තහවුරු කොට ඇති බව නැවතත් අවධාරණය කරමි.

එම නිසා විපක්ෂ නායකවරයා පුවත්පතකට කළ අදහස් දැක්වීමකට අනුව (2020.05.01) එම පුවත්පතේ මුල්පිටුවේ “අපිට තවම කැඳවීමක් නෑ” සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය අසත්‍යකි.

ලෝක වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කෝවිඞ් – 19 වෛරසය ලංකාවට බලපා ඇති ආකාරය සහ වෛරසය මර්දනය කර ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්දීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙයි.

Related posts

How to Use Auto AF Fine Tune on Your Nikon DSLR the Right Way

Helarata

නිවසටම වී ආගමික වතාවත් කරන්න.

Helarata

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට සැමරුම් තබන්න ඉඩදිය නොහැකියි…

Helarata

Leave a Comment

Translate »