හෙළරට - දේශිය පුවත්

අවුරුදු 16න් පහළ දරුවන්ට ජංගම දුරකතන තහනම් කරන්න..දෙස් විදෙස් නාහිමිවරු රජයෙන් ඉල්ලති.

අවුරුදු 16න් පහළ දරුවන්ට ජංගම දුරකතන තහනම් කරන්න. – දෙස් විදෙස් නාහිමිවරු රජයෙන් ඉල්ලති.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

අවුරුදු 16න් පහළ දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කිරිමට හෝ පාලනය කිරිමට වහාම පියවර ගතයුතුව ඇතැයි දෙස් විදෙස් නාහිමිවරුන් පෙන්වා දෙති.


ජංගම දුරකතන දරුවන්ගේ අතට පත්විම නිසා ඉදිරියේදි විශාල විපතක් වීමේ පෙර නිමිති දැනටමත් පහළවි ඇතැයිද එම නාහිමිවරුන් රජයට පෙන්වා ⁣කියා සිටිති.


මේ නිසා අවුරුදු 16න් පහළ දරුවන් ජංගම දුරකතන භාවිතය ගැන දැඩි පියවර ගැනිමට හොඳම අවස්ථාව දැන් උදාවි ඇතැයිද නාහිමිවරු කියති.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වේඬරුවෙි ශ්‍රි උපාලි හිම්යො අද වනවිට බෝහෝ ළමුන්ගේ ළමා ගති ගිලිහි ඇතැයි පෙන්වා දෙති. වැඩිහිටියන් විසින් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන, දරුවන් රොබෝවරුන් බවට පත්කර ඇතැයිද අනුනාහිමියෝ පෙන්වා දෙති.


” රන් රඹුටං ගස් දෙකයි,වලි කුකුළන් පස් දෙනයි ,උන්ගේ කරේ බොත්තමයි, බලන්න හරි ලස්සනයි වැනි සොබා දහම එහි සුන්දරත්වය ,සතුන්ගේ ලස්සන කියැවෙන නිර්මාණ අද දරුවන්ට අහන්න දකින්න නැහැ.මේ ළමා සාහිත්‍ය නැතිකරලා ළමුන්ගේ මනස විකෘති කරලා ඉවරයි.මෑතකදි දරුවන් ප්‍රචණ්ඩත්වය විදහා දක්වන විඩියෝ පට දැකිමෙන් මහත් කනගාටුවක් ඇතිවුණා.

මේවා තුළින් අනාගතයේ බිහිවෙන්නේ සහරාන්ලා වැනි අය බව කිවයුතුයි. ඒනිසා හැකි ඉක්මනින් දරුවන්ගේ ජංගම දුරකතන භාවිතයට පාලනයක් ගෙන ආ යුතුමයි යැයිද අස්ගිරි අනුනාහිමියෝ වැඩ්දුරටත් පැවසුහ.

වේඬරුවෙි ශ්‍රි උපාලි අනුනාහිමි

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක
වන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසන්නේ වර්තමානයේ ඇතිවි ඇති මෙම තත්වයට දෙමව්පියන් වගකිව යුතුබවයි.

” ළමයාගේ මනස වර්ධනය වෙන කාලයේදි ඒ ළමා මනස විකෘති වෙනදේ මනසට ඇතුළු වුණොත් ඒ දරුවාගේ මුළු අනාගතයම විනාශවෙනවා.එය ඒ දරුවාට පමණක් නොව ඒ දරුවාගේ පවුලේ අයට ගමට මෙන්ම ඇතැම්විට රටටම අහිතකර ලෙස බලපාන්න පුළුවන්.ඒ නිසා අවුරුදු 16න් පහළ වගේ දරුවන්ගේ මනස විකෘතිවිමට නොදිම ජාතික වගකිමක්.දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහිවිමෙන් විශාල විනාශයක් විය හැකියි. එහි ඵලවිපාක මෑතකදි හොදින්ම පැහැදිලිවුණා. ඒනිසා තමන්ගේම මුදල් වියදම්කර ජංගම දුරකතන අරන්දි තමන්ගේම දරුවා විනාශකර දමන්න එපා කියා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම අවුරුදු 16න් පහළ දරුවන්ට ජංගම දුරකතන භාවිතය සම්පුර්ණයෙන් තහනම් කළයුතුයි යැයි එල්ලාවල මේධානන්ද නාහිමියෝ කියති.


එසේම මේ සම්බන්ධයෙන් නුදුරේදිම ජනාධිපතිවරයා හමුවි සාකච්ජා කිරිමට අපේක්ෂා කරන බවද උන් වහන්සේ කියති.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි

ළමා පරපුරේ ළමා සිතිවිලි අද ගිලිහි ගොස් ඇතැයි පෙන්වා දෙන ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ දරුවන්ට වැඩිහිටියන් ලෙස සිතිමට පොළඹවන වැඩසටහන් පවා තහනම් කළ යුතුයැයි පෙන්වා දෙති.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි


අද රූපවාහිනිය ආදියෙහි වැඩිපුර පෙන්වන්නෙත් ළමා මනස විකෘති කරන ටෙලිනාට්‍ය හා සටහන් .අද දරුවන්ට බලන්න හොඳ පොතක්පතක් නැහැ.ළමා සාහිත්‍යයක් අද නැහැ. දරුවා ජංගම දුරකතනයට හුරුවෙලා. මෙය ඉතාම භයානක තත්වයක්.මේ තත්වය නිසා දරුවන්ගේ ඇස් පෙනිම පවා අඩු වෙනවා. ඒ නිසා අවුරුදු 16න්පහල දරුවන්ගේ ජංගම දුරකතන භාවිතයට අනිවාර්යයෙන්ම පාලනයක් අත්‍යාවශයි යැයි මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කියා සිටිති.


“අන්තර්ජාලයේ දරුවන් ආයුධ රැගෙන කතාකරන විලාසය දැක මහත් කනගාටුවක් ඇතිවු බවත් ඒවා දුටුවිට රටේ ළමා පාතාලයක් ඇතිවිමට ඉඩ ඇතැයි සිතුනු බවත් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ පවසති.දරුවන් පවින් වළක්වා යහපතෙහි යෙදවිම මව්පියන්ගේ වගකිමක්.එය බුදුරජාණන් වහන්සේත් පෙන්වා තිබෙනවා. අන්තර්ජාලයෙන් ළමුන්ට ගතහැකි හොඳ දේවල් අනනත්වත් තිබෙනවා.

ඒත් අපේ දරුවෝ ගන්නේ නරකදේ.ඒකයි මේ විනාශය වුනේ.දැන්ම මේකට පිළියමක් නොගත්තොත් තත්වය භයානක වියහැකියි. ඒ නිසා දරුවන්ගේ වීඩියෝ සම්බන්ධයෙන් රජය වහා පියවර ගැනිම අගයනවා.නමුත් ඒ ගත්ත පියවරට වඩා දැඩි පියවරක් ගතයුතු බවයි මම කියන්නේ යැයි පරවාහැර චන්දරතන නාහිමියෝ වැඩිදුරටත් කිහ.

පරවාහැර චන්දරතන නාහිමි


යුරෝපයේ දරුවන්ගෙන් සියයට 50ක් ජංගම දුරකතනයට ඇබ්බැහිවි ඇතැයි පෙන්වා දෙන මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත නාහිමියෝ සෑම පැයකටම වරක් දෙමව්පියන් සියයට 62ක් දුරකතනය භාවිතාකරනවිට දරුවන් සියයට 78ක් එය භාවිතාකරන බව පර්යේෂණ වලින් හෙළි වි ඇතැයි පෙන්වා දෙති. ඒ නිසා හැකි වහාම දරුවන්ට ජංගම දුරකතන භාවිතයට පාලනයක් අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.

මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත නාහිමි


“ළමා මනස විකෘති විමට ඉඩ හැරිම රටක ජාතික විපතක් යැයි පෙන්වා දෙන ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලේ පුඤ්ඤරතන නාහිමියෝ ඒ තත්වය වළක්වා ගැනිම ට පියවර ගැනිම ජාතික අවශ්‍යතාවක් යැයි පෙන්වා දෙති. ළමා පරපුර පමණක් නොව තරුණ හා වැඩිහිටියන් පවා අද ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා.මේ නිසා මිනිසාගේ සිතීමේ ශක්තිය පිරිහිලා යැයි පෙන්වා දෙන රත්මලේ පුඤ්ඤරතන නාහිමියෝ දරුවන් ටික රැකගැනිමටනම් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුයැයි කියති.

රත්මලේ පුඤ්ඤරතන නාහිමි


අද දරුවන්ට අහන්න ළමා ගීතයක් නැහැ. බලන්න⁣ හොඳ ළමා නාට්‍යයක් නැහැ. සමාජයම රොබෝවරු වගේ .යුරෝපයේ තත්වය ලංකාවට උදාවේගෙන යන්නේ. ගහකොළට සතා සිව්පාවට, පරිසරයට ආදරය කරන දරුවෝ අද අඩුයි.අතීතයේ අපි පුංචි කාලේ අහපු ළමා ගීත ටික විතරයි තවමත් තියෙන්නේ.ඒකෙන්ම පේනවා අපේ කලාකරුවෝ රටේ අනාගත පරපුර ගැන කිසිම තැකිමක් තර නැතිබව.මේ තත්වය වහා වෙනස් විය යුතුයි.ජනමාධ්‍යයත් මීට වඩා රටේ අනාගත පරපුර ගැන හිතිය යුතුයි.එසේම ඔිනෑම කුණුගොඩක් උණුසුම් කරලා අරන් සල්ලි හම්බ කරන්න කෙළ හලාගෙන ඉන්න යු ටියුබ් මෙහෙයුම්කරුවන්ගෙන් අපේ දරුපරපුර බේරාගත යුතුයි. ඔවුන්ට රටක් ජාතියක් නැහැ. ඒ අයට අවශ්‍ය සල්ලි.ඒ නිසා අවුරුදු 16න් පහළ හෝ දරුවන්ට ජංගම දුරකතන භාවිතය දැන්ම පාලනය නොකළොත් ජාතියටම හඬාවැටෙන්න වෙන කාලය වැඩි ඈතක නැතිබව පහුගිය දිනවල සිදුවු සිදුවිම් බලද්දි පෙනියනවා යැයි ස්විට්සර්ලන්තයේ ශ්‍රි ලංකා මහ විහාරාධිපති ලේඬියංගල සුදස්සි හිමියෝ පැවසුහ.

ස්විට්සර්ලන්තයේ ශ්‍රි ලංකා මහ විහාරාධිපති ලේඬියංගල සුදස්සි හිමි

දරුවන් ප්‍රචණ්ඩත්වය විදහා දක්වන විඩියෝ පටවලට එරෙහිව මුලින්ම හඬනැගු ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියන් පවසන්නේ මේ අවස්ථාවේදිම දරුවන්ට ජංගම දුරකතන භාවිතය පාලනය නොකළොත් එය රටටම පිළිලයක් වන බවයි. ඇතිවු තත්වයට දෙමව්පියන් වැඩිහිටියන් සම්පුර්ණයෙන්ම වගකිව යුතුබව පෙන්වා දෙන උන් වහන්සේ මේ සම්බන්ධයෙන් ජනමතයක් ඇතිකළ යුතුයැයි පෙන්වා දෙති.

වනවාසි රාහුල හිමි.

Related posts

MacBook Pro Squeezes Fans As iPad Pro Dominates

Helarata

ආපනශාලාවලට සෞඛ්‍යයෙන් ලියාපදිංචියක්..

Helarata

ඩෙංගු අවදානමක් අතළඟ..

Helarata

1 comment

lali May 5, 2020 at 4:21 pm

Great article…agree with you all.

Reply

Leave a Comment

Translate »