හෙළරට - දේශිය පුවත්

ආසාදිතයන් පොකුරු 30 ක් අකර්මණ්‍ය කර අවසන්..

කොවිඩ් -19 වයිරසය ශ්‍රී ලංකාවේ පැතිරයෑම ඉකුත් මාර්තු 11 වැනිදා ආරම්භ වූ දින පටන් මේ දක්වා ආසාදිතයන් පොකුරු 31ක් වාර්තා වූ අතර එයින් පොකුරු 30 ක්ම මේ වන විට අකර්මණ්‍ය කර ඇතැයි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුලින්ම පොකුරු 27ක් අකර්මණ්‍ය කිරීමට හැකිවූ අතර ඉන් අනතුරුව තවත් පොකුරු තුනක් අකර්මණ්‍ය කෙරුණු බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ලෝකයේ කොවිඩ් -19 වසංගතයට ගොදුරු වූ රටවල් අතරින් ඊශ්‍රායලය ගම්පිටින් ලොක්ඩවුන් කර වයිරසය පැතිරයෑම පාලනය කරගත් බවත් ශ්‍රී ලංකාවේ අපිත් ඊශ්‍රායලය හැරුණු විට මේ තත්ත්වය පාලනය කරගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

රාජ්‍ය බුද්ධි අංශවල දක්ෂතාව නිසා මෙසේ මෙම පොකුරු අකර්මණ්‍ය කිරීමට හැකිවූ බවද ඒ මහතා පැවැසීය.

Related posts

මානව දයාවෙන් ජාතික වගකීමට උරදෙමු – හිටපු කතානායකගෙන් ආයාචනයක්..

Helarata

අගොස්තුවේදී සංචාරකයින් ට උඩින් එන්න අවසර….

Helarata

වාහනයේ පවුලේ අය ගියත් මුව ආවරණ පළදින්න…

Helarata

Leave a Comment

Translate »