හෙළරට - දේශිය පුවත්

කෝච්චියෙන් යන අයට SMS පණිවිඩයක්…

ලබන 04 වනදා සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලු ම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, එම සේවාවන් සලසන්නේ අදාළ ආයතනවල ප‍්‍රධානීන් විසින් නිර්දේශ කර ඉල්ලුම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණක් බව මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ සදහන්විය.

අදාල අවසර පත‍්‍ර සතිපතා ලබාගත යුතුය . ඒ සඳහා වන ඉල්ලුම්පත් සෑම සතියක ම බ‍්‍රහස්පතින්දාට පෙර ආයතන හරහා යොමු කළ යුතුය.

දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙනු ඇත. දුම්රියට ප‍්‍රවේශවීම සඳහා එම SMS පණිවුඩය ආරක්ෂක අංශ වෙත ප‍්‍රදර්ශනය කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෑම දුම්රිය මැදිරියකට ම යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බැගින් යෙදවීමට ද සැලසුම් කර තිබේ.

Related posts

කුඩු මෙට්‍රික් ටොන් 14ක් ඉතාලියෙන් හමුවේ….

Helarata

කොරෝනා වලින් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි..

Helarata

ඉන්දියාවේ කොරෝනා වේගවත් වෙයි…

Helarata

Leave a Comment

Translate »