හෙළරට - දේශිය පුවත්

වැඩට එනකොට ටයි, සාරි, ඔසරි බැහැ…

කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බැවින් සියලුම රාජ්‍ය නිලධාරින් සිය සේවා ස්ථානයට පැමිණෙනව්ට ටයි, සාරි, ඔසරි මුදුමාල, වළලු ආදිය නොපැළද සරලව පැමිණිම වඩාත් සුදුසුබව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්කළ චක්‍රලේඛයක සදහන්වේ.


වෛරසය පවතින කාලය තුළදි රාජ්‍ය කාර්යාලවල කටයුතු ඇරඹිමේදි පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇත.


එසේම ගර්භනි හා දරුවන්ට කිරිදෙන නිලධාරිනියන් මෙම කාල සිමාව තුළ සේවයට කැඳවිමේදි ඉතා සහනශිලි පිළිවෙතක් අනුගමනය කරන ලෙසද මැයි මස අවසන් වෙනතෙක් ඔවුන් සේවයට කැඳවිමෙන් හැතිතාක් දුරට වැළකි සිටින ලෙසද එම චක්‍රලේඛයෙන් උපදෙස් ලබාදි ඇත.

Related posts

ජනපති නොහිටියානම් රටම අඤ්ඤං මඤ්ඤං – වනවාසි රාහුල හිමි

Helarata

මාලදිවයිනේ ලාංකිකයන් 1500ක් කොටු වෙලා…

Helarata

The Healthiest Smoothie Orders at Jamba Juice, Robeks

Helarata

Leave a Comment

Translate »