හෙළරට - දේශිය පුවත්

දරුවන්ගේ වීඩියෝ ගැන දැඩි පියවර ..

දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය විදහා දක්වන වීඩියෝ පට පටිගතකළ, එය බෙදාහැරිය
වැඩිහිහිටියන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය විදහා දක්වන වීඩියෝ පසුගිය දිනවල මුහුණුපොත ඔස්සේ ප්‍රචාරයවිණ.

ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබිණ. දරුවන්ගේ මනසට මේ වැනි ප්‍රචණ්ඩ අදහස් ඇතුළත්විමෙන් ඉදිරියේදි විශාල විනාශයක්විමට ඉඩ ඇතැයිද ඇමෙරිකාවේ දරුවන්ගෙන් වරින්වර මෙවැනි භයානක ක්‍රියා දක්නට ලැබෙන බවත් වල්පොල පියනන්ද නාහිමියෝ ජනාධිපතිවරයාට පවසා තිබේ.


එසේම මේ සම්බන්ධයෙන් මුල්වරට හෙළරට පුවත් සේවය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ මෙම ෆේස්බුක් රැල්ල වර්ධනයට පෙර වහාම පියවර ගන්නැයි ජනාධිපති , පොලිස්පති හා ළමා ආරක්ෂක අධිකාරියෙන් දැඩිව ඉල්ලා සිටියහ.


එසේම ස්කොට්ලන්තයේ සිට හෙළරට පුවත් සේවයට ප්‍රකාශයක් එවු මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත නාහිමියෝ යුරෝපයේ දරුවන්ගෙන් සියයට 50ක් ජංගම දුරකතනයට ඇබ්බැහිවි ඇති බවත්, ලංකාවේද එම තත්වය දැන් උදාවෙමින් පවතින බවත් පෙන්වා දුන්හ.

එසේම විදේශ මහාචාර්යවරුන් කළ පර්යේෂණ වාර්තා අනුව පෙනි යන්නේ සෑම පැයකට වරක් දෙමව්පියන් 69% ක් ජංගම දුරකතනය භාවිතාකරනවිට දරුවන් 78% ක් ජංගම දුරකතනය භාවිතාකරන බවය. එබැවින් ලංකාවේ දරුවන්ගේ මෙම හැසිරිමට හේතු සොයා ඊට කඩිනම් පියවර ගත යුතු යැයිද උන් වහන්සේ හෙළරට පුවත් සේවය ඔස්සේ අවධාරණය කළහ.


මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දරුවන්ගේ මනස විකෘති කරමින් මෙවන් විඩියෝ පටිගතකර බෙදාහැරි වැඩිහිටි සැමට එරෙහිව නීතිමය පියවර ගැනිමට පරික්ෂණ අරඹා ඇති බව පවසයි.

Related posts

පොල් ඉන්ටර්නෙට් එකෙන්…

Helarata

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි වටයක් මතු වුවහොත් සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක

Helarata

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්..

Helarata

Leave a Comment

Translate »