හෙළරට - දේශිය පුවත්

සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ☔ ☔

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද 02 දිනය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව .

බස්නාහිර, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පලාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

කොරෝනා ආසාදිත මරණ 50000 නගි.

Helarata

විනය කැඩුවොත් උත්සහය වතුරේ….

Helarata

ඇඳිරිනීතිය කාලේ රට සිගරැට් විකුණලා…

Helarata

Leave a Comment

Translate »